ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 47.06% ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙන් බවත් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ සිව් වන සතිය තුළදී බව වසංගත රෝග ඒකකය පවසයි.
මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම්‍ෙ අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කරයි. එමෙන්ම උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බවද වසංගත රෝග විද්‍යා අංශය පවසයි

2015 වර්ෂයේ ගත වූ මාස 5 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 14721 ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත.

















