අද (09) නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වන්නේ, බස්නහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලට වැසි වාර කීපයක් ඇතිවන බවයි.
තවද, අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ දිවයිනේ නැඟෙනහිර සහ ඌව පළාත්වලට වැසි වර කීපයක් ඇති වන බව ද මුහුදු බඩ ප්‍රදේශවල සහ කඳුකර ප්‍රදේශවල සුළං ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා නිවේදනයේ සඳහන් වෙයි.

අරාබි මුහුදු ප්‍රදේශයේ ඇති වූ ''අශෝබා'' නැමැති සුළි කුණාටුව ඈතට ගමන් කරමින් දුර්වල වෙමින් පවතින නිසා දිවයිනේ නිරිතදිග වැසි තත්ත්වය වර්ධනය වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

















