පාසල් ආපනශාලාවල පවතින ආහාර බොහොමයක් අධික ලුණු සහිත වීම නිසා එය පාසල් දරුවන්ට අහිතකර බව පැවසූ රුවන් විජයමුණි මහතා, අධික ලුණු සහ මේදය සහිත ආහාර සීමා කරන ලෙස චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බවත් ඒ අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන බව පැවසී ය.
අධික තරබාරුව පාසල් දරුවන් අතර විශාල ගැටලුවක් වී තිබේ. පාසල් දරුවන්ගෙන් සියයට 25%ක් පමණ අධික තරබාරුව පවතින බවත් අඩු බර සහිත දරුවන් සියයට 25%ක් පමණ සිටින බවත් වෛද්‍ය රුවන් විජයමුණි මහතා ප්‍රකාශ කළේ ය.
ඒ අනුව, ආපනශාලා පරික්ෂා කිරීමෙන් පසුව ආහාර සුරක්ෂිතතාව පවත්වාගෙන යන ආපනශාලා සඳහා කොළඹ,ජනසෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2015 සඳහා ලියාපදිංචි කළ අපනශාලාවකි යන නාම පුවරුව ලබාදීමට ද නියමිතය.

පාසල්වල පවත්වාගෙන යන ආපනශාලාවල ආහාර පරික්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව කොළඹ මහනගරසභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධරී, වෛද්‍ය රුවන් විජයමුණි මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසී ය.

















