ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    වැඩි කරන ලද රුපියල් 2000 වැඩිහිටි දීමනාව දිගටම

    ජූලි 08, 2015
    රජය විසින් කුඩා රබර් හා තේ වතු හිමියන් දිරිගැන්වීම සඳහා රබර් කිලෝවකට රුපියල් 350.00ක් හා තේ කිලෝවක් සඳහා රුපියල් 80.00ක සහතික මිලක් පවත්වාගෙන යාම සඳහා 2015 වසරේ මේ වන තෙක් රුපියල් මිලියන 3314.75ක මුදලක් මහා භාණ්ඩාගාරය විසින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය වෙත වෙත ලබා දී ඇත. මේ අනුව කුඩා රබර් හා තේ වතු හිමියන්ම එම සහතික මිල අඛණ්ඩව ලබාදීමට කටයුතු යොදා ඇත. 
     
    2015 අතුරු අය වැය මඟින් යෝජිත සමෘද්ධි සහනාධාර දීමනා සියයට 200%කින් වැඩි කිරීමක් වෙනුවන් 2014 වසරේදී වෙන් කරන ලද රුපියල් බිලියන 14ක මුදල 2015දී රුපියල් බිලියන 41.7 දක්වා වැඩි කර ඇත. දැනට රට පුරා පවුල් 1,480,000ක් සමෘද්ධි ප්‍රතිලාභ ලබති.
     
    රුපියල් 210.00ක අවමය හා රුපියල් 1500.00ක උපරිමය යටතේ මෙතෙක් ගෙවන ලද සමෘද්ධි දීමනාව 2015 අප්‍රේල් සිට 200%කින් එනම් රුපියල් 630.00ත් රුපියල් 4500.00ත් අතර මුදලින් වැඩි කර තිබේ.
    සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ යටතේ වැඩිහිටියන්ට ගෙවනු ලබන රුපියල් 1000.00ක මාසික දීමනාව රුපියල් 2000.00 දක්වා වැඩි කර ඇත.මේ යටතේ සහනාධාර ලබන ප්‍රතිලාභී වැඩි හිටියන්ගේ සංඛ්‍යාව 386,080 දක්වා වැඩි වී ඇත. ඒ අනුව මෙම වැඩි වූ ප්‍රතිලාභීන්ට ද මුදල් ‍ගෙවීමට සරිලන පරිදි ඒ සඳහා රුපියල් මිලියන 4206.26 මහා භාණ්ඩාගාරය විසින් සමාජ සේවා අමාත්‍යාංශය වෙත දැනටමත් නිකුත් කරනු ලැබ ඇත. 
     
    සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ යටතේ වයස අවුරුදු 70ට වැඩි අයට දෙනු ලබන මෙම රුපියල් 2000.00ක මාසික දීමනාව සමෘද්ධි ප්‍රතිලාභී පවුල්වල සිටින වැඩිහිටියන්ට ද ගෙවනු ලැබේ. මේ සඳහා2015 වසරට වැය වන මුදල රුපියල් මිලියන 8612.5කි.
     
    තේ සහ රබර් සඳහා සහතික මිලක් පවත්වා ගෙන යාම,  සියයට 200%කින් වැඩි කරන ලද සමෘද්ධි දීමනා ගෙවීම, සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ යටතේ රුපියල් 2000.00 දක්වා වැඩි කරන ලද වැඩිහිටියන්ට ගෙවනු ලබන දීමනාව ආදිය සඳහා රජය විසින් රුපියල් මිලියන 52,926ක් වෙන් කර ඇතැයි මහා භාණ්ඩාගාරයේ අය වැය අධ්‍යෂක ජනරාල්වරයා පැවසීය.
     
    NDH

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya