ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    දැඩි සත්කර ඒකක ජාලගත වෙයි- නව ජන්මීන්ට දැඩිසත්කාර ඒකකවල ඇඳන් ලබාදීමේ නව වැඩපිළිවෙළක්

    ජූලි 15, 2015
    නව ජන්ම සත්කරය නඟාසිටුවීම සඳහා හෘද රෝග හඳුනාගැනීම සහ නව ජන්ම දැඩි සත්කාර ඒකකවලට ඇඳන් ලබාගැනීමේ  නව වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමත්‍යාංශය මඟින් ක්‍රියාවට නංවා තිබේ.
     
    මෙම වැඩපිළිවෙල මඟින් ඉතාම ඉක්මනින් නව ජන්මියෙකුට අවශ්‍ය හදිසි ප්‍රතිකාර ලබගැනීම සඳහා රෝහල්වල දැඩි සත්කාර ඒකකවල පුරප්පාඩු ඇදන් පිළිබඳව තොරතුරු ජංගම දුරකතන මඟින් වෛද්‍යවරුන්ට ලබාගැනීමේ හැකියාව උදාවෙයි.
     
    මෙම නව වැඩපිළිවෙල දියත්කිරීම අද (15) පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දී පැවැත්වුණු අතර ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්  ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක මහතා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහිපාල මහතා සහභාගී විය.
     
     මෙහිදී අඳහස් පළ කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා;දැඩි සත්කාර ඒකක ජාලගත කෙරුණා.  අලුත් වැඩපිළිවෙල යටතේ ළඳරුවන් සඳහා දැඩි සත්කාර ඒකක ජාලගත කිරීම සිදු කෙරෙනවා. මේ වනවිට රටපුරා රෝහල්වල දැඩිසත්කාර ඒකක 92ක් ක්‍රියාත්මක වෙනවා. එහි ඇඳන්  590ක් පවතිනවා.ඒ අනුව ආයතන 17ක් ජාලගත කිරීමට ඇතුළත් වෙනවා යැයි ද වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya