ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    ලෝක අක්ෂි දිනය වෙනුවෙන් සුවිශේෂී වැඩසටහන් රැසක්

    ජූලි 29, 2015
    අක්ෂි ආබාධවලට ලක්වන්නන්ට ප්‍රතිකාර ලබාදීම අරමුණු කරගනිමින් ඒ වෙනුවෙන් අරමුදල් රැස්කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
     
    සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විෂන් 2020 වැඩසටහන එක්ව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.ඒ සඳහා ත්‍රිවිධ ක්‍රියාකාරකම් වශයෙන් සංගීත ප්‍රසංගය (Colour of the blnd) ,පාපැදි සවාරිය (Ride for Sight) සහ පාගමන (Walk for Sight ) සංවිධානය කර තිබේ.
     
    අරමුදල් ලබාගැනීම සහ අක්ෂි ආබාධ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ක්‍රියාත්මක මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.
     
    ඒ අනුව සංගීත ප්‍රසංගය  (Colour of the blnd) ඔක්තෝබර් මස 04 දින ආනන්ද කුලරත්න ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
     
    පාපැදි සවාරිය (Ride for Sight) ඔක්තෝබර් 04 දින ජාතික අක්ෂි රෝහල ඉදිරිපිට දී ආරම්භ වෙයි.
     
    පාගමන (Walk for Sight ) මඩකළපුව සිට කොළඹ දක්වා ගමන් කරන අතර දුර කිලෝමීටර 390කින් සමන්විත වෙයි. එහි ආරම්භය නොවැම්බර් 11 දින සිදු වන  බව වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.
     
    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ, පසුගිය දින පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ සම්මන්ත්‍රනයේ දී  ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya