පෙබරවාරි 04, 2025
tami eng youtube  twitter facebook

    නීති විරෝධී ලෙස ආනයනය කළ බහාලුම්වල විදේශීය මත්පැන්

    ජූලි 30, 2015
    නීති විරෝධීව මෙරටට ආනයනය කළ බහාලුම් තුනක් ඊයේ (30) ඔරුගොඩවත්ත රේගු අංගනයේ දී විවෘත කෙරුණ අතර එහි බහාලුම් දෙකක විදේශීය මත්පැන් බෝතල් 15,465ක් තිබී සොයා ගැනුණි. හිටපු මුදල් අමාත්‍යවරයාගේ හා රේගු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මේ බහාලුම් විවෘත කර ඇත.
     
    ඉන් බහාලුම් දෙකක් ආනයනය කර තිබුණේ ඉන්දියාවෙනි. එම බහාලුම් දෙක තුළ ඇති මත්පැන්වල  වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි දෙකකට අධික බව රේගුව පවසයි. ඉන් රජයට අහිමි වූ බදු ආදායම රුපියල් කෝටි පහකට ආසන්න වේ.
     
    විවෘත කෙරුණු අනෙක් බහාලුම ඩුබායි සිට ආනයනය කර තිබෙන අතර එහි විදේශීය මත්පැන්වලට අමතරව දුම්වැටි තොගයක් ද තිබී සොයා ගැනුණි. ඒවායේ වටිනාක ම රුපියල් ලක්ෂ 40ක් පමණ වන බව රේගුව සඳහන් කළ අතර ඉන් රටට අහිමි වී ඇති බදු ආදායම රුපියල් එක්කෝටි 37 ලක්ෂකට අධික වන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya