ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    පරිසර හිතකාමී මැතිවරණ ව්‍යාපාරය රටට ආදර්ශයක්- මධ්‍යම පරිසර අධිකාරිය

    අගෝස්තු 26, 2015
     
    සියලු දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන්ගේ ආධාරකරුවන් පරිසර හිතකාමී මැතිවරණ ව්‍යාපාරයක් වෙත යොමු වීමේ ආදර්ශවත්,බුද්ධිමත් වැඩපිළිවෙලක් මෙවර මැතිවරණයේ දී හඳුනාගැනීමට හැකි වූ බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
    නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව සඳහන් කරන මධ්‍යම පරිසර අධිකාරිය, ඊට දායක වූ මැතිවරණ කොමසාරිස්තුමා,ඇතුළු සියලු දේශපාලන පක්ෂ නායකයින් ප්‍රධාන සැමට ස්තූතිය පුද කරන බව පවසයි.
    පසුගිය 17 දින නිමාවට පත් වූ මහ මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙළ පරිසර හිතකාමී අයුරින් පැවැත්වීමේ ජාතික අවශ්‍යතාව මතුකරමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් මැතිවරණ කොමසාරිස්තුමා හා පක්ෂ නායකයින් දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.
    මේ වනවිට ශ්‍රී ලාංකීය දේශපාලඥයින් මෙන් ම ඔවුන්ගේ ආධරවකරුවන් ද සතුටුදායක ආකාරයෙන් සිය දේශපාලන ප්‍රචාරක යාන්ත්‍රණය පරිසර හිතකාමී ආකාරයෙන් සකස් කර ගැනීම සුබවාදී දේශපාලන ප්‍රවේශයකට ගමන් කිරීමේ පෙරනිමිති පහළ වීමක් බවද මධ්‍යම පරිසර අධිකාරිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya