ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    ඉන්දියානු ආරක්‍ෂක විද්‍යාල සිසුන් කණ්ඩායම යුද හමුදාපති හමුවේ

    අගෝස්තු 27, 2015

    සිව් දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඉන්දියානු  ආරක්‍ෂක විද්‍යාලයේ පාඨමාලාවන් හදාරනු ලබන සිසුන් පිරිසක් පසුගිය දා ඔවුන් යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා හමු විය.

    16 දෙනෙකුගෙන් යුතු මෙම නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් ඉන්දියානු  ආරක්‍ෂක විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික අධ්‍යක්ෂ මේජර් ජනරල් R.S.P. Bhaduria මහතා නායකත්වය සපයන අතර මෙම කණ්ඩායමට ඇමෙරිකාව, එක්සත් රාජධානිය, නේපාලය සහ නවසීලන්තය යන රටවල් නියෝජනය කරන විදේශ නිලධාරීන් කිහිපදෙනෙකු ද අයත් වේ.

     

    ශ්‍රී ලංකාවේ රැදී සිටින කාලය අතරතුර දී මෙම කණ්ඩායම නාවික හමුදාපති, ගුවන් හමුදාපති,  ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්,  ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා, උතුරු පළාත්  ආරක්‍ෂක ආඥාපතිවරයා, නැගෙනහිර පළාත් නාවික  ආරක්‍ෂක ප්‍රධානීවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීහු කිහිපදෙනකු හමුවී සාකච්ඡා කිරීමටද සැලසුම් කොට ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya