ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක්

    අගෝස්තු 31, 2015

    බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බවත් වයඹ පළාතේ ද තැනින් තැන වැසි බලාපොරොත්තුවිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද පස්වරු 4.00 සිට රාත්‍රී 8.00 පමණ දක්වා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.

    දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කඳුකරය හරහා) සහ වයඹ සහ ගිනිකොන මුහුදු ප්‍රදේශවල නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා වැඩි විය හැක.

    දෘශ්‍ය ලෙස හිරු දකුණට ගමන් කිරීමේදී සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට ඍජුව ම ඉහළින් පවතී. අද (31) දහවල් 12.12 සිලාවතුර, වවුනියාව, අඩම්පන්, කුම්පුරුපිඩ්ඩි යන නගරවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya