ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    ''ඔක්තෝබර් '' ජාතික රුක් රෝපණ මාසය ලෙස නම් වෙයි

    සැප්තැම්බර් 19, 2015

    2015 වසරේ ඔක්තෝබර් මාසය ජාතික රුක් රෝපණ මාසය ලෙස නම් කර තිබේ. පරිසර විෂය භාර අමත්‍යවරයා ද වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත මෙම නම් කිරීම සිදු කර ඇතැයි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය පවසයි.

     

    ජාතික රුක් රෝපණ මාසයේ තේමාව වන්නේ ''වන රෝපා'' යන්නයි. මේ සම්බන්ධයෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය කටයුතු කිරීමට නියමිත අතර රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාවට නැංවීමට යෝජනා වී තිබේ.

     

    ඒ අනුව දැනට ක්‍රියාත්මක වන රුක් රෝපණ/ වන වගා වැඩසටහන්වල අනන්‍යතාවය සුරකිමින්, එසේම සම්පත් පරිහරණය සඵලදායී වන අන්දමින් රාජ්‍ය හා රාජ්‍ය නොවන පාර්ශවකරුවන් එකම ජාතික වැඩසටහනකට අනුගත වීමේ අවශ්‍යතාව පිළිබඳ සාකච්ඡාවක්
    සැප්තැම්බර් මස 21 දින මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්වීමට සැලසුම් කොට ඇතැයි තිරේක ලේකම් ( ස්වාභාවික
    සම්පත් ) එන්.කේ.ජී.කේ. නැම්මවත්ත මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya