ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    අතුරුදන් වූ පුද්ගලයින් පිළිබඳ සෙවීමේ කොමිසම UN වාර්තාවේ මරණ සංඛ්‍යාව ප්‍රතික්ෂේප කරයි

    සැප්තැම්බර් 22, 2015

    එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටු වාර්තාවේ සඳහන් සිවිලි යුද්ධයේ අවසන් අදියරේ දී සිදු වූවා යැයි පැවසෙන මරණ සංඛ්‍යාව අතුරුදන් වූ පුද්ගලයින් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ මැක්ස්වෙල් පරණගම මහතා ප්‍රතික්ෂේප කර ඇත.

    එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී-මූන් විසින් පත් කළ විශේෂඥ කමිටුවේ 2011 වාර්තාවේ සඳහනවී ඇත්තේ එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ පැවති අවසන් ගැටුමේ අවසන් අදියර තුළදී 40,000කට අධික පිරිසක් මරුමුවට පත්ව ඇති බවයි.

     

    ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින්, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පරණගම මහතා පවසා ඇත්තේ ජනාධිපති කොමිසමේ විමර්ශනයේ දී මරණ සංඛ්‍යාව නිශ්චිත අගයක් නොගත් අතර, එක්සත් ජාතීන්ගේ වාර්තාව සඳහන් පරිදි, එය "නිසැකව 40,000ක් නොවේ" යන්නය. ගැටුමේ අවසන් අදියරේ දී 40,000ක් ඝාතනය කර ඇති බව පැවසෙන කමිටු වාර්තාව ද නිශ්චිත නැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

     

    මේ අතර, අතුරුදන් වූ පුද්ගලයින් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම රටේ උතුරු හා නැගෙනහිර සිදු කළ සාකච්ඡාවන් මත එහි දෙවන අතුරු වාර්තාව ද අවසන් කර තිබේ. තවද, ජනාධිපති කොමිසමේ දෙවන අතුරු වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසි වාරයේ දී සභාගත කරන ලෙස ඉල්ලා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත ඒකාබද්ධ ලිපියක් ඉදිරිපත් කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya