ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    පියයුරු පිළිකාව කලින් හඳුනාගැනීමෙන් සුවකරගත හැකියි - වෛද්‍ය ඒෂාණී ප්‍රනාන්දු

    සැප්තැම්බර් 30, 2015

    පියයුරු පිළිකාව කලින් හඳුනාගැනීමෙන් සුවකරගත හැකි බවත් කාන්තාවන් හතළිස් දෙනෙකුගෙන් එක් අයෙකුට ජීවිත කාලය තුළ පියයුරු පිළිකාවක් හැදීමේ අවධානමක් පවතින බවත් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒෂාණී ප්‍රනාන්දු මහත්මිය පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඒෂාණි ප්‍රනාන්දු මහත්මිය මේ බව පැවසී ය. ඔක්තෝබර් මාසයට යෙදෙන පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් මෙම මාධ්‍ය හමුව කැදවා තිබුණි.

    කාන්තාවන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට ඕනෑම පිළිකාවක් වැළදීමේ අවධානම ද පවතින බව පෙන්වා දුන් වෛද්‍ය ඒෂණි ප්‍රනාන්දු මහත්මිය, වසර 2012 වාර්තා අනුව මිලියන 14ක් ලෝකයේ පිළිකා රෝගීන් සිටින බවත් ඉන් මිලියන 8.2ක් මිය ගොස් තිබෙන බවත් කීවාය.

    මිලියන 32.6ක් පිළිකා රෝගය සමඟ ම ජීවත් වෙයි.පිළිකා රෝගයට අලුතින් එක්වන ප්‍රමාණය සියයට 57%කි.මින් සියයට 65% මරණ සිදුවන බවට වාර්තා වන්නේ දියුණු වෙමින් පවතින රටවලය.

    වසර 2025 වන විට පිළිකා රෝගීන් මිලියන 19ක් වාර්තා වන බවට සහ මිලියන13ක් මිය යන බවට පුරෝකථනය කර තිබෙනවා.ලෝක ජනගහනය, වයස්ගතවීම, සහ පිළිකාවට තුඩුදෙන ආහාර මෙම පිළිකා බහුල වීමට හේතු වී තිබෙන බව වෛද්‍ය ඒෂාණි ප්‍රනාන්දු මහත්මිය පවසයි.

    ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර බහුලව දකින්නට ලැබෙන්නේ ද පියයුරු පිළිකාවයි.එය සියයට 25%- 27%ත් අතර ප්‍රමාණයක්.

    පිළිකාවක් මඟින් මරණය සිදුවනවා කියන මිත්‍යා මතය බැහැර කළ යුතු බව පෙන්වා දෙන වෛද්‍ය ඒෂාණී ප්‍රනාන්දු මහත්මිය,පියයුරු පිළිකාව කලින් හදුනාගැනීමේ සුවකරගත හැකි බව පවසයි.

    දිවයින පුරා ප්‍රතිකාර මධ්‍යස්ථාන 09ක් ක්‍රියාත්මක වෙයි. ශ්‍රී ලංකාවේ ගැහැණු සහ පිරිමි දෙපක්ෂයටම පියයුරු පිළිකා වැළදෙන අතර කාන්තාවන්ට පිළිකා වැළදීමේ ප්‍රතිශතය සියයට 94.6%ක්.වයස් කාණ්ඩය ගත්විට වයස අවුරුදු 55-59 අතර සීමාව පියයුරු පිළිකාව බහුලව වාර්තාවන වයස් සීමාවයි.මහනුවර, කොළඹ සහ කළුතර යන පළාත්වලින් බහුලව පියයුරු පිළිකා රෝගීන් වාර්තා වෙයි. මේ වනවිට පියයුරු පිළිකා වැඩි වීමක් පෙන්වන බවද වෛද්‍ය ඒෂාණී ප්‍රනාන්දු මහත්මිය සඳහන් කරයි.


    කලින් හදුනාගැනීම ඉතා වැදගත් බව පෙන්වා දෙන වෛද්‍ය ඒෂාණී ප්‍රනාන්දු මහත්මිය,මේ තත්වය පිළිබඳව කාන්තාව මෙන් ම සාමාන්‍ය සමාජය ද දැනුවත් විය යුතු බව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya