අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගියදා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දේශීය ආහාර නිෂ්පාදන දිරිගැන්වීමේ සාකච්ජාවක් අමතමින්ය.
කෘෂිකර්ම අමාත්‍යංශයේ මූලික අරමුණ ජනතාවට අවශ්‍ය සහල් ප්‍රමාණය ප්‍රමාණාත්මකව ලංකාව තුළ නිෂ්පාදනය කර ගැනීමයි.රට සහලින් ස්වයං පෝෂිත කිරීමටත්, රට තුළ වගා කළ හැකි සියලුම දෑ වගාකිරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මග පෙන්වීම මත කෘෂිකර්ම අමාත්‍යංශය කටයුතු කරනවා.
රටේ ජනතාවගේ පරිභෝජනයට අවශ්‍ය සහල් රට තුළ නිෂ්පාදනය කිරීම සිදු වෙනවා දැන් එහි ගුණාත්මක බව වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා.ඒ සදහා ගුණාත්මක දේශිය සහල් ගොවීන් අතර ප්‍රචලිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය කටයුතු කරනවා.ඒ වගේම හැකි සෑම විටම වගාවන් කාබනික පොහොර භාවිතයෙන් සිදු කරන ලෙසත් කන්න 3 කට යොමු විය හැකි නම් කන්න 3 ක් සදහා යොමු වී ආර්ථිකය ශක්තිමත් කර ගන්නා ලෙසත් අමාත්‍යවරයා මෙහිදී ගොවීන්ගෙන් ඉල්ලීමක් කළේය.
ගොවියාට දේශිය වී ප්‍රබේදයන්හී බිත්තර වී නොමිලේ ලබා දීමට අපි කටයුතු කරනවා වගේම එම වී අස්වැන්න සදහා ඉහළ මිලක් ලබා දීමටත් බලාපොරොත්තු වෙනවා.මේ සදහා ගොවියාගේ පෙළඹිමක් ඇති විය යුතුයි.ගොවියාට ගොවිතැන ගැන කියා දිය යුතු නෑ.ගොවියා ගොවිතැන ගැන දන්නවා.නමුත් ක්‍රියාත්ම වීමේ ගැටලු තිබෙනවා. ගොවියා දෙපයින් නැගී සිටින පුද්ගලයකු බවට පත් කිරීම සදහා වගා කළ හැකි බිම් අගලක්ම වගා කරන්න බලාපොරොත්තු වෙනවා යැයි දුමින්ද දිසානායක අමාත්‍යවරයා පැවසීය.
එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ,වස විසෙන් තොර රටක් සදහා ග්ලයිෆොසෙට් තහනම් කිරීමට ගත් තීන්දුව මහා පිංකමක්. මේ නිසා ගැඩවිලාගේ, කුහුබියාගේ පටන් මිනිසා දක්වා ජීව ශක්තීන් ට්‍රිලියන ගණනකගේ ජීවිත බේරුණා.වකුගඩු රෝගය , පිළිකා රෝග සදහා ග්ලයිෆොසෙට්, ආසනික් හේතුකාරකයක් වෙලා තියෙනවා.අද ගොවියන්ට නොයෙක් රෝගාබාධ වැලදෙනවා.රටේ ජනගහණයෙන් භාගයකට ලෙඩ, මේ ලෙඩ සදහා බෙහෙත් වලට කොච්චර මුදලක් රජය වියදම් කරනවාද, අලුත් ආණ්ඩුවෙන් ග්ලයිෆොසෙට් තහනම් කිරීමත් සමගින් මේ මහ පොලව සුවපත් වුණා, කෝටි සංඛ්‍යාත ජීවීන්ගේ ජීවිත සුරක්ෂිත කරන්න හැකි වුණා.මෙච්චර කාළයක් ගොවියා පාලනය කලේ රසායන පොහොර ගෙන්වන සමාගම් එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රතන හිමියන් පැවසූහ.
මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී කුමාරසිරි මහතා, කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරීන්, කෘෂි පර්යේෂණ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
AP