මේ යටතේ මේ මස 25 වන දින ග්‍රාමීය ධීවර සංවිධානවල සාමාජික /සාමාජිකාවන්ගේ දරුවන් සදහා චිත්‍ර, රචනා හා කඨීක තරඟ පැවැත්වීමට කටයුතු යොදා ඇත. එමෙන්ම 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්වය, අ.පො.ස ( සා.පෙ) සහ අ.පො.ස (උ.පෙ) යන විභාගයන්ගෙන් විශිෂ්ඨ ලෙස සමත්වු ධීවර පවුල්වල දුදරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්රදානය සඳහා සුදුසු දරුවන් තෝරා ගැනීමටද නියමිතය.
එදින ධිවර පවුල් වල සෞඛ්‍ය තත්ත්වය නංවාලීම සඳහා සෞඛ්‍ය සායන පැවැත්වීමටද කටයුතු යොදා ඇත.ග්‍රාමීය ධිවර සංවිධාන වල අඩුපාඩු සකස් කර ගැනීම හා ධීවර කාන්තාවන්ගේ හා ළමුන්ගේ ඉතුරුම් වර්ධනය කර ගැනීමේ වැඩ සටහන්ද ධිවර සතිය තුල සිදු කිරීමටද සැලසුම් කර ඇත.
AP