ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ජලය, විදුලිය සහ දුරකතන බිල් වැඩි වන බවට පැතිර යන කටකතා අසත්‍යයි - මුදල් ඇමැති

    නොවැම්බර් 25, 2015

    2016 අයවැය යෝජනා හේතුවෙන් ජල, විදුලි සහ දුරකතන බිල්පත් ඉහළ යා හැකි බවට පැතිර යන කටකතා පදනම් විරහිත බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව කිසිසේත් ම ජනතාව මත අනවශ්‍ය බරක් පැටවීමට පියවර නොගන්නා බවයි.

    මෝදර බෝධි සමුද්‍රාරාම විහාරස්ථානයට මුදල් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා අද (25) මේ බව සඳහන් කළේය.

    අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් විහාරස්ථානයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් 50,000ක මුදලක් විහාරාධිපති පූජ්‍ය තුඹේ උපනන්ද හිමියන් වෙත මෙහි දී පරිත්‍යාග කරන ලදී.

    මේ අතර තොටළග ශ්‍රී බෝධිරාජාරාමය වෙත ගිය අමාත්‍යවරයා විහාරස්ථානයේ ඉදිකිරීමට යෝජිත නව ගොඩනැගිල්ලට ආධාර පිණිස විහාරාධිපති පූජ්‍ය නිවිතිගල ඥානින්ද හිමියන් වෙත රුපියල් 50,000ක මුදලක් පරිත්‍යාග කළේ ය.

    එහි දී පැමිණ සිටි මාධ්‍යවේදීන් විමසා සිටි ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ගෙන එන බව කියන විශ්වාසභංග යෝජනාව තමාට අභියෝගයක් නොවන බවයි.

    “අවුරුදු 11ක කාලයක් ජනතාවට අහිමි වී තිබූ වරප්‍රසාද රැසක් මෙවර අයවැය මගින් ජනතාව අතට පත් කළා. රාජ්‍ය මුදල් තමන්ගෙ සාක්කුවට දා ගනිමින් සිටි පිරිසක් තමයි මේ විශ්වාසභංගය ගෙන එන බව කියන්නෙ. ඒ අයට තවදුරටත් මුදල් අවභාවිත කරන්න අවස්ථාවක් නොලැබුණ නිසා තමයි මේ විශ්වාසභංග යෝජනාව ගෙන එන්නෙ. ඒක මම කිසිසේත්ම අභියෝගයක් විදියට ගණන් ගන්නෙ නෑ. පිරිසකට අයවැය රහ නෑලු, තවත් පිරිසක් විශ්වාසභංග යෝජනාවක් ගේනවලු. අයවැය ඉදිරිපත් කළ දාට පහුවදා ඉඳල ජනතාවට දැනිල තියෙනව මොනව ද ලැබුණ සහන කියල. රටේ ආයෝජනය වැඩි කරල තියෙනවා. සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් පණගන්වල තියෙනවා.” යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

    මෙම අවස්ථාවන්ට කොළඹ නාගරික මන්ත්‍රීවරුන් වන තරංග අතුරලිය, රෝයි බෝගහවත්ත, අලුත්ගෙදර චමින්ද සහ සුනිල් විතානගේ යන මහත්වරු ඇතුළු ප්‍රදේශවාසීහු සහභාගී වූහ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya