ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    තත්ත්ව සහ ප‍්‍රමිතිකරණ ගැන පෙරහැරකින් දැනුවත් වෙයි

    දෙසැම්බර් 06, 2015


    2015 නොවැම්බර් මාසයට යෙදුණු ලෝක තත්ත්ව මාසය සැමරීම නිමිති කරගනිමින් ප‍්‍රමිතිකරණය සහ තත්ත්ව කළමනාකරණයේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනවුත් කිරීමේ අරමුණින් ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය විසින් ඊයේ ( 05) තත්ත්ව හා ප‍්‍රමිතිකරණය පිළිබඳ දැනුවත් කිරීමේ සංදර්ශන රිය පෙරහැරක් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ.

    තත්ත්ව හා ප‍්‍රමිතිකරණය පිළිබඳ දැනුවත් කිරීමේ සංදර්ශන රිය පෙරහැර මොරටුව දුම්රිය ස්ථානය අසලින් ආරම්භ වී ගාලු පාර ඔස්සේ කොල්ලුපිටිය දක්වා ගමන් කර කොල්ලුපිටිය වටරවුමෙන් ධර්මපාල මාවත ඔස්සේ ගමන් කර නෙළුම් පොකුණ මාවතට පිවිස අවසන් කෙරිණ.

    ගුණාත්මකතාවයේ ඇති වැදගත්කම, කර්මාන්ත හා සේවා ආයතනයකට තත්ත්වය හා ප‍්‍රමිතිය වැදගත් වන ආකාරය මෙන්ම පාරිභෝගිකයාට වැදගත් වන ආකාරය, ගුණාත්මක තත්ත්වයෙන් හා ප‍්‍රමිතියෙන් යුතු සේවා මොනවාද යන්නත්, ඒ සඳහා අවශ්‍ය දැනුම ප‍්‍රමිති ආයතනයෙන් ලබාගන්නේ කෙසේද යන්නත් මෙම රථ පෙරහැර තුළින් දැනුවත් කෙරිණ.

    SLSI,ISO ඇතුළු ප‍්‍රමිති සහතික හා සේවා ලබාගත් භාණ්ඩ හා සේවා සපයන ආයතන නියෝජනය කරන ප‍්‍රදර්ශන රථල ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ රථ,යතුරු පැදි ඇතුළු සංදර්ශනාත්මක රථ 100 කට වැඩි ප‍්‍රමාණයක් මේ සඳහා සහභාගී වූ අතර ඒ සෑම රථයක් සඳහාම සහභාගීවූ ආයතන ගුණාත්මක භාවය හා ප‍්‍රමිතිය තුළින් ජයග‍්‍රහණ ලබාගත් ආයතන විය.

    ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය ජාතික ප‍්‍රමිති ආයතනය වශයෙන් ශ‍්‍රී ලංකා ප‍්‍රමිතීන් 2000 කට වැඩි සංඛ්‍යාවක් විවිධ ක්ෂේත‍්‍රයන් සඳහා සකස් කර ඉදිරිපත්කොට තිබෙන අතර මෙම ප‍්‍රමිතීන් කර්මාන්ත ක්ෂේත‍්‍රයන් තුළ හා සේවා අංශයන් තුළ භාවිතයට යොමු කිරීමෙන් එම කර්මාන්තවල තිබෙන අනවශ්‍ය විය හියදම් අඩු කරගෙන ගුණාත්මකතාවයෙන් යුතු භාණ්ඩ හා සේවා සකස් කර ඒවා පාරිභෝගිකයාට ලබාදීමට ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය කටයුතු කරනු ලබයි. එමෙන්ම තත්ත්වයෙන් හා ප‍්‍රමිතියෙන් උසස් නිෂ්පාදන හා සේවා ක‍්‍රියාවලියක් රට තුළ ගොඩනැගීමට මෙන්ම ප‍්‍රචලිත කිරීමට ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය කටයුතු කරන අතර ඒ සඳහා විවිධ ක්ෂේත‍්‍රවල සිටින්නන් හා මහජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ වැඩසටහන් ක‍්‍රියාත්මක කොට තිබේ.

    රටේ ආර්ථික සංවර්ධනය උදෙසා ගුණාත්මක තත්ත්වයෙන් හා ප‍්‍රමිතියෙන් යුතු භාණ්ඩ හා සේවා සැපයීම අත්‍යාවශ්‍ය වන අතර රටේ තිබෙන කර්මාන්ත තුළින් ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපයීමෙන් කර්මාන්තකරුවන්ට රටතුළ පමණක් නොව රටින් පිටත පවා වෙනත් රටවල භාණ්ඩ හා සේවා සමඟ තරඟ කිරීමෙන් ලෝක වෙළෙඳපොළ ජයගැනීමට අවස්ථාව උදාකර ගත හැකිය. තත්ත්වය හා ප‍්‍රමිතිකරණය අපේ රට තුළ වර්ධනය කළ යුතු අතර ඒ සඳහා ක‍්‍රම දෙකක් තිබේ. එකක් නම් කර්මාන්ත හා සේවා අංශයේ සිටින සියළුදෙනාම ගුණාත්මකතාවයේ වැදගත්කම හඳුනාගෙන ඒ සම්බන්ධව කටයුතු කිරීමයි. අනෙක් ක‍්‍රමවේදය වන්නේ වෙළෙඳපොළ තුළ තිබෙන භාණ්ඩ ගුණාත්මකතාවයෙන් යුතු භාණ්ඩ පමණක් ලෙස හඳුනාගෙන එවැනි භාණ්ඩවලින් වෙළෙඳපොළ අනුගත කිරීමයි. වෙළෙඳපොළ ගුණාත්මකභාවයෙන් ඉහළ භාණ්ඩවලින් අනුගත කිරීමට නම් පාරිභෝගිකයන් සෑම විටම භාණ්ඩ හා සේවාවල ගුණාත්මකභාවය පිළිබඳව සොයා බැලිය යුතුවෙයි.

    ගුණාත්මකභාවයෙන් යුතු භාණ්ඩ සඳහා පමණක් පාරිභෝගික ඉල්ලූම ඇතිවිය යුතුයි. එවිට ගුණාත්මකභාවයෙන් තොර භාණ්ඩ නිපදවන සමාගම්වලට කර්මාන්තය පවත්වාගෙන යෑමට නොහැකිවීමෙන් මුළු රටේම කර්මාන්ත ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනය සඳහා නැඹුරු වන බව ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ලලිත් සේනවීර මහතා මෙහිදී සඳහන් කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya