ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කෙටි කාලීන අපේක්ෂාවලින් බැහැරව රටේ අනාගතය ගැන සිතන්න

    දෙසැම්බර් 07, 2015

    රටේ අනාගතය ශක්තිමත් කරන අයවැයක් හඳුන්වා දී තිබිය දී ජනතාව කෙටි කාලීන අපේක්ෂාවලින් බැහැරව අනාගතය කෙරෙහි අවධානය යොමු කළ යුතු කාලය උදාවී ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කෙටි කාලීන අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීම සඳහා අතීතයේ දී ගත් වැරදි තීන්දු තීරණවල අයහපත් ප්‍රතිඵල මේ වන විට සමස්ත ජාතියමට ම බලපෑමක් වී ඇති බවයි.

     

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ කොළඹ, මෝදර ප්‍රදේශයේ ජනතාව වෙත නිවාස ඉදිකර ගැනීම සඳහා මුදල් සහ සිමෙන්ති ප්‍රදානය වෙනුවෙන් ඊයේ (06) පෙරවරුවේ මෝදර ප්‍රදීපා ශාලාවේ පැවැති උත්සවයක දී ය. “දිවියට සවියක්” වැඩසටහන යටතේ ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් 181ක් වෙත රුපියල් ලක්ෂය බැගින් ණය ප්‍රදානය කළ අතර නිවාස සාදා ගැනීම සඳහා පවුල් 235ක් වෙත සිමෙන්ති ප්‍රදානය ද සිදු කෙරිණි.

     

    සෑම ගමකට ම නිවාස 1,000 බැගින් හදන්න මෙවර අයවැය මගින් යෝජනා කර තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ වෙනුවෙන් අයවැයෙන් රුපියල් කෝටි 4,100ක් වෙන් කර තිබෙන බව ද සඳහන් කළේය. එහිදී උතුරු කොළඹ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් පමණක් නිවාස 15,000 සාදා නිම කිරීම අපේක්ෂා කරයි.

     

    රුපියල් කෝටි 16,200ක මුදලක් අධ්‍යාපනයට වෙන් කර තිබෙන අතර ත්‍රස්තවාදය අවියෙන් නැති කළ නමුත් ත්‍රස්තවාදය සහමුලින් ම නැති කිරීමට හැකි වන්නේ අධ්‍යාපනයෙන් බවත් ඒ නිසා ඉතිහාසයේ වැඩිම මුදල ඒ සඳහා වෙන් කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    කොළඹ නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya