ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    අදත් සවසට ගිගුරුම් වැසි

    දෙසැම්බර් 09, 2015

    නැගෙනහිර දෙසින් හමා එන ජලවාෂ්ප සහිත සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයින පුරා වැසි ඇතිවීමේ හැකියාව ඉහළ අගයක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

     

    සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 සිට රාත්‍රී 8.00 පමණ වන තුරු ගිගුරුම් සහිත වැසි ඇති වේ.

     

    සමහර ස්ථානවලට තරමක තද වැසි ද (මිලී මීටර් 75 ක පමණ) ඇතිවීමට ඉඩ ඇත.

     

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya