ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    අයවැයෙන් පළාත් සභාවලට මුදල් අඩු කර නැහැ - මුදල් ඇමැති

    දෙසැම්බර් 09, 2015

    2016 අයවැය මගින් පළාත් සභාවලට මුදල් අඩු කිරීමක් හෝ කපා හැරීමක් සිදු කර නොමැති බවත්, මෙවර අයවැයෙන් 2015 වසරට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ඒ වෙනුවෙන් වෙන් කර ඇති බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති විශේෂ මාධ්‍යකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    පළාත් සභාවලට මුදල් වෙන් නොකර පළාත් සභා අමාත්‍යාංශයට මුදල් වෙන් කිරීම ගැන ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණු බවත් ව්‍යවස්ථානකූලව මුදල් වෙන් කළ යුත්තේ පළාත් සභා අමාත්‍යාංශයට වන අතර එම මුදල් ඒ හරහා පළාත් සභාවට වෙන් කිරීම සිදු වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    අමාත්‍යරවයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

     

    1988 සිට 2004 වසර දක්වා කෙළින් ම මුදල් ලබා දුන්නේ පළාත් සභාවලට. නමුත් 2005 වසරේ දී මෙම තත්ත්වය වෙනස් වුණා. ඒ අනුව මුදල් වෙන් කළ යුතුව තිබුණෙ පළාත් සභා අමාත්‍යාංශයටයි. ඒත් 2014 වසර වෙන තුරු ම ඍජුව ම පළාත් සභාවලට මුදල් වෙන් කරල තියෙනවා. ඒ නිසා ඒ වසර දහය තිස්සේ මෙම මුදල් වෙන් කරල තියෙන්න ව්‍යවස්ථානුකූලව නොවෙයි. අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අගමැතිතුමාගේ අවධානය මේ කරුණ සම්බන්ධයෙන් යොමු වුණා. ඔවුන් උපදෙස් ලබා දුන්නේ අවස්ථාවට අනුකූලව මෙම මුදල් ලබා දිය යුතුයි කියලා.

     

    පසුගිය ජනවාරි මාසෙ මුදල් කොමිසමේ සභාපතිතුමා අපට දන්වල තිබුණ පළාත් සභාවලට මුදල් වෙන්කරන ආකාරය නීතියට පටහැනියි කියල. එය නිවැරැදි කිරීම තමයි අපි කරල තියෙන්නෙ. අපි එය නිවැරැදි කළා මිසක් පළාත් සභාවලට මුදල් අඩු කිරීමක් හෝ කපා හැරීමක් සිදු කර නැහැ. අපි ක්‍රියා කරල තියෙන්නෙ නීතියට අනුකූලවයි.

     


    ජනාධිපතිතුමා, අගමැතිතුමා සමග පළාත් සභා මහ ඇමැතිවරුන් 9 දෙනා ම මේ ගැන සාකච්ඡා කළා. ඒ අනුව ඉදිරියේ දී මෙතෙක් පැවැති නීති විරෝධීව මුදල් වෙන් කිරීම වෙනුවට, ව්‍යස්ථානුකූල තත්ත්වයට එය සිදු කිරීමට අපි කටයුතු කරනවා. මුදල් අමාත්‍යාංශයේ මෙතන වරදක් කරල නැහැ. අපි නීත්‍යානූකූලවයි කටයුතු කර තියෙන්නෙ.”

     

    “මෙවර අයවැය මගින් අපි පළාත් සභා වෙනුවෙන් රුපියල් බිලියන 163ක් වෙන් කර තියෙනවා. 2015 අයවැයේ සඳහන් පරිදි වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 200ක්. නමුත් ගණනය කිරීම වැරැදියි. පළාත් සභාවලින් ලැබෙන ආදායමත් එකතු කරල තමයි ඒ මුදල සටහන් කර තියෙන්නෙ. ඇත්තට ම ගියවර අයවැය මගින් පළාත් සභා වෙනුවෙන් වෙන් කර තියෙන්නෙ රුපියල් බිලියන 158යි. ඒ අනුව මෙවර අයවැය පසුගිය අයවැයට වඩා රුපියල් බිලියන 5කට වැඩි මුදලක් වෙන් කර දී තියෙනවා.” යැයි ද අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩිදුරටත් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya