ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    සත්දින ස්නායු සමුළුවක් ලබන 14 දා සිට

    දෙසැම්බර් 09, 2015

    සත් දින ස්නායු විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර වැඩමුළුව ලබන 14 වැනි දා සිටි 20 වැනි දා දක්වා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙදී පැවැත්වෙන බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

    ‘ස්නායු රෝග හා සෞඛ්‍ය ආරක්ෂිත මොලයක් උදෙසා වූ ස්නායු විද්‍යාවේ යෙදීම්‘ යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වෙන අතර ජාත්‍යන්තර මොලය පිළිබඳ පර්යේෂණ ආයනයේ (Internatinal Brain Research Organization) පූර්ණ මැදිමහත්වීමෙන් මෙය පැවැත්වේ.

     

    හාවඩ්, ජෝජ්වොශින්ටන්, කේම්බ්‍රිජ්, නැෂනල් යුනිවර්සිටිස් ඔෆ් සිංගප්පූරුව, නෙදර්ලන්තයේ මාස්ට්රිච් විශ්වවිද්‍යාලය, චීනයේ ෆ්‍රදන් විශ්වවිද්‍යාලය, ජපානයේ කියෝටෝ විශ්වවිද්‍යාලය, ඇතුව ලෝකයේ පිළිගත් විශ්වවිද්‍යාලවලින් ආචාර්යවරුන් 30ක් හා සිසුන් ඇතුළු 50කට ආසන්න පිරිසක් මෙම වැඩමුළුවට සහභාගි වීමට නියමිතය බව උපකුලපතිවරයා පෙන්වා දුන්නේය.

     

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී ඊයේ (08) ඒ මහතා මේ බව සඳහන් කළේය.

    මෙහිදී ජාත්‍යන්තර ආචාර්යවරුන් විසින් මෙහෙයවන ස්නායු රෝග සම්බන්ධන දේශන, ප්‍රායෝගක පර්යේෂණ සහ විශේෂ සමුළු 4ක් පැවැත් වේ.

     

    මීට සමගාමීව පැවැත්වෙන ස්නායු විද්‍යාව හා දේශීය අපනයන භෝගයන් හා භාවිතය සඳහා වූ ජාත්‍යන්තර සමුළුව ලබන 17 වැනි දා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේදී පැවැත්වේ. ශ්‍රී ලංකාවේ දේශීය භෝග උපයෝගි කරගනිමින් මොලයට ගුණදායක පානවර්ග නව අගයකි එකතු කළ නිෂ්පාදන බිහිකිරීම හා ඒවා ලෝක වෙළෙඳපොළ තුළ ප්‍රචලිත කිරීමට අදාළ කරුණු සාකච්ඡා කෙරේ.

     

    යුරෝපා ස්නායු විද්‍යාව පශ්චාත් උපාධි ආයතනයේ සමුළුව ද දෙසැම්බර් 17 වැනි දා පැවැත්වේ.

     

    චීන ස්නායු විද්‍යාව සංගමයේ සමුළුව ලබන 16 වැනි දා පැවත්වෙන අතර මොලය ආරක්ෂා කර ගැනීමේ පර්යේෂණ කටයුතු පුළුල් කිරීම හා අධ්‍යාපනික සහයෝගිතාව වර්ධනය කිරීම ද මෙහිදී අවධානය යොමු කෙරේ.

     

    චලන ආශ්‍රිත ස්නායු රෝග පිළිබඳ සමුළුව ද ලබන 19 හා 20 දෙදින පැවැත් වේ.

     

    මෙම වැඩමුළු ශ්‍රී ලාංකික ආචාර්වරුන් හා සිසුන්ට ලෝකයේ ප්‍රධාන පෙෆල් විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන් සමඟ නව සබඳතා ගොඩනගා ගැනීමට ඇති මහගු අවස්ථාවක් වන අතර එය ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික හා කර්මාන්තවල දියුණුවට සඳහා රුකුලක් වන බව මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

     

    මෙම වැඩමුළුවේ දේශනවලට අමතරව පැවැත්වෙන ප්‍රායෝග පරීක්ෂණ හේතුවෙන් සීමිත පිරිසකට එක්වීමට අවස්ථාව ලැබෙනු ඇත.

     

    මෙම වැඩමුළුව සම්බන්ධයෙන් වැඩි විස්තර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ලෝක විශ්වවිද්‍යාල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ මහාචාර්ය රනිල ද සිල්වා මහතා වෙතින් ලබා ගත හැකිය. දූරකතන අංක- 011-2758697
    ඊමේල්- This email address is being protected from spambots. You need JavaScript enabled to view it. සහ www.sip.ac.lk/wcup/IBRO/ වෙතින් මේ පිළිබඳ විස්තර ලබා ගත හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya