ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    දූෂණ විරෝධී දර්ශකයේ ශ්‍රී ලංකාවේ තත්ත්වය වැඩි දියුණු කරමු – ජනාධිපති ලේකම්

    දෙසැම්බර් 09, 2015

    ශ්‍රී ලංකාව දූෂණයෙන් තොර රට ලෙස ගොඩගැනීම සඳහා සියලුම කාර්යය සඳහා කාර්ය මණ්ඩලයේ සෑම දෙනාගේම දායකත්වය අවංකව, අප්‍රමාදව සහ දැඩි කැපවීමකින් යුතුව ලබා දීමේ අවශ්‍යතාවය මත ආකල්පමය වෙනසක් ඇති කළ යුතු යයි ජනාධිපති ලේකම්වරයා අවධාරණය කළේ ය.

    පළමුවෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂවල සහාය සමග 1954 දී පාර්ලිමේන්තුවේ දී අල්ලස් දූෂණ විරෝධි පනත සම්මත කළ බව ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා අද (09) දින ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවකයින් සහභාගිත්වයෙන් පැවැති ‘ජාත්‍යන්තර දූෂණ විරෝධි දිනය‘ සැමරීමේ විශේෂ වැඩසටහනට එක්වෙමින් සඳහන් කළේය.

     

    ඉන් අනතුරුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් 1997 දී ස්ථාපිත කරන ලද අතර එය ද ඒකමතිකව සම්මත විය. දූෂණ විරෝධී කටයුතු සඳහා ශ්‍රී ලංකාව ඈත අතීතයේ පටන් පියවර ගෙන ඇති අතර අප එය අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් යුතුව ඉදිරියට එය ගෙන යායුතු බව අබේකෝන් මහතා අවධාරණය කළේ ය.

     

    සියලු කාර්ය මණ්ඩල සාමාජිකයන් දූෂණයෙන් තොර රටක් ගොඩනැගීම සඳහා වූ ප්‍රතිඥාව කියවීම මෙහිදී සිදු විය.

     

    ලේකම්තුමා විසින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව ‘ජාත්‍යවන්තර දූෂණ විරෝධි දිනය‘ සැමරීම ආරම්භ විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya