ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නංවාලන්න ඕස්ට්‍රේලියාවේ සහාය

    දෙසැම්බර් 17, 2015
    ධීවර අමාත්‍යාංශය හා ඒ යටතේ  ඇති ආයතනවල නිලධාරීන්ට ධීවර කර්මාන්තය තිරසාර අන්දමින් පවත්වාගෙන යාම සඳහා ඕස්ට්‍රේලියාව මගින් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රම හා විධි පිළිබඳ අවශ්‍ය දැනුම හා පුහුණුව ලබාදීමට ඕස්ට්‍රේලියානු රජය එකග වී ඇත.
    ඕස්ට්‍රේලියානු වෙළඳ කොමිසාරිස් DR Grayson Perry මහතා ඇතුලු නියෝජිතයන් පසුගියදා ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී මෙලෙස එකඟත්වය පල කර ඇත. 
     
    ධීවර කර්මාන්තයේ උන්නතිය උදෙසා ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන උනන්දුව පිළිබඳව ඕස්ට්‍රේලියානු නියෝජිත කණ්ඩායම වෙත ස්තුතිය පල කළ අමාත්‍යවරයා, දෙරට අතර තාක්ෂණික සහයෝගීතාව පවත්වාගත හැකි විෂයන් පිළිබඳව ඕස්ට්‍රේලියානු වෙළඳ කොමිසම සමග සාකච්ඡා කොට ඒ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කරන ලෙස ධීවර දෙපාර්තමේන්තුව, නාරා ආයතනය හා ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ නිලධාරීන් වෙත උපදෙස් ලබාදෙන ලදි.
     
    මෙම අවස්ථාවට ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එම්.එම්.ආර්. අදිකාරී මහත්මිය ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යලයේ උපදේශක Charlotte Blundell හා  නාරා ආයතනයේ සභාපති අනිල් ප්‍රේමරත්න මහතා ඇතුලු පිරිසක් සහභාගී විය.
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya