ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    තංගල්ල අන්ධ විද්‍යාලයේ සිසු සිසුවියන්ට පහසුකම් රැසක්

    ජනවාරි 05, 2016
    මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයෙන් සමත්ව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ තංගල්ල අන්ධ විද්‍යාලයේ සියලු සිසු සිසුවියන්ට උසස් අධ්‍යාපනය සඳහා අවශ්‍ය සියලු පාසල් ද්‍රව්‍ය හා උපකරණ ලබා දෙන බව ධීවර  හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ එම විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි.මෙවර උසස්  පෙළ විභාගයට තංගල්ල අන්ධ විද්‍යාලයෙන් පෙනී සිටි සිසු සිසුවියන් අට දෙනාම විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබුහ.  පසුගිය වර උසස්පෙළ විභාගයට මෙම අන්ධ විද්‍යාලයෙන් පෙනී සිටී සිසුන් 11 දෙනාම විශ්ව විද්‍යාල ප්‍රවේශය  සඳහා සුදුසුකම් ලබා තිබුණි.
     
    අන්ධ විද්‍යාලය වෙත ගිය දිලිප් වෙදආරච්චි මහතා මෙම සිසුන්ගේ අධ්‍යාපන කුසලතා අගැයීමට ලක්කළ අතර එම සිසු සිසුවියන් සමග සුහද සාකච්ඡාවක නිරත වෙමින් එම සිසු සිසුවියන්ගේ අවශ්‍යතා සොයා බැලීය.
     
    මෙම අන්ධ විද්‍යාලයට ප්‍රවේශ වන මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණ කර දීමට එහිදී එකඟත්වය පලකල අමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡා කර විද්‍යාලයට දෙමහල් ගොඩනැගිල්ලක් ලබා දීමට ක්‍රියා කරන බව පැවසීය. 
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya