ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මේ රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි- ජනතා විරෝධයක් ඇතිකරන්නට පරාජිත කණ්ඩායම් කටයුතු කරනවා

    ජනවාරි 06, 2016

    මේ රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි.ව්‍යවස්ථාවක් ගැන කතා කරන්න ගත්තා පමණයි,ජාතිවාදය, වර්ගවාදය වපුරන්න දනටමත් ජනතා විරෝධයක් ඇතිකරන්නට පරාජිත කණ්ඩායම් කටයුතු කරනවා යැයිපාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

    මෛත්‍රී පාලනයක්- ස්ථාවර රටක් වර්ෂ පූර්ණ ජාතික සැමරුම පිළිබඳව ජනමාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්තිදෙපාර්තමේන්තුවේ දී අද (06) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසී ය.

     

    ජනවාරි 09 වැනිදා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් බවට පත් කෙරෙන යෝජනාව ගෙන එනවා. ව්‍යවස්ථාවක් ගැන කතා කරන්න ගත්තා පමණයි,ජාතිවාදය, වර්ගවාදය වපුරන්න, දනටමත් ජනතා විරෝධයක් ඇතිකරන්නට පරාජිත කණ්ඩායම් කටයුතු කරනවා.

     

    මේ රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි.ඒ සඳහා ජනවරමක් ලබාදී තිබෙනවා.පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගරු කරමින් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් කරනවා.සියලු මන්ත්‍රීවරු සහිත ව්‍යවස්ථා මණ්ඩල කමිටුවක් රැස්වෙනවා.

     

    කෙටුම්පත් සකස් කළාට පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.ඉන් පසු තුනෙන් දෙකෙන් සම්මත් කරන්න ඕන. ජනමත විචාරණයකටත් යනවා.එයයි විධිවිධානය.අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා යා යුතුයි කියන කාරණය තමයි අප කියන්නේ.

     

    බංකොලොත් කණ්ඩායම් මෙයට වැරදි මත පටවල බොරු ඉදිරිපත් කරලා තිබෙනවා.ලොකු ආගම්වාදී ජාතිවාදී ප්‍රශ්න ඇති
    කරනවා.මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය එක්ක ගමන් කරන වැඩපිළිවෙළකට රජය අවතීර්ණ වී සිටිනවා. බංකොලොත්
    දේශපාලන කණ්ඩායම් ලබාදෙබ බොරු පොරොන්දු වලට රැවලෙන්න එපා.මේ ඓතිහාසික පියවර ජනවාරි 09 දින ආරම්භ
    කරනවා.

    කළු කොඩි ව්‍යාපාරයම අසාර්ථකයි. මේ රටේ කොහෙද කළු කොඩි දාලා තියෙන්නේ.මේවා අසාර්ථක වෙලා, බොංකොලොත් වෙලා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya