ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    එචි.අයි.වී පිළිබඳ සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදෙන විට අනුගමනය කළ යුතු ක‍්‍රමෝපායන් පිළිබඳ මාර්ගෝපදේශ මාලාවක්

    ජනවාරි 07, 2016

    අනාරක්ෂිත ලිංගික ක‍්‍රීයා වැළැක්වීම සඳහා කොන්ඩම් භාවිතය පිළිබඳ මාර්ගෝපදේශන මාලාවක් ඇතුළත් කෘතියක් සහ එචි.අයි.වී පිළිබඳ සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදෙන විට අනුගමනය කළ යුතු ක‍්‍රමෝපායන් පිළිබඳ මාර්ගෝපදේශ මාලාවක් ජාතික ලිංගාශී‍්‍රත හා ඒඩිස් රෝග නිවාරණ ඒකකය විසින් ප‍්‍රකාශයට පත් කොට තිබේ.


    1987 සිට වසර 20 කාලය සැළකීමේ දී මෙරට උපත් පාලන කොපු භාවිතය 1.9% සිට 6% දක්වා ඉහළ ගොස් ඇති බව ලිංගාශී‍්‍රත හා ඒඩිස් රෝග නිවාරණ ඒකකය විසින් දක්වයි.


    මෙම කෘති දෙකෙන් ශ‍්‍රී ලංකාවේ වැඩිම කොන්ඩම් අලෙවියක් ඇති ප‍්‍රදේශ, එචි.අයි.වී ආසාධිතයින් පිළිබඳව සහ අනාරක්ෂිත ලිංගික ක‍්‍රියා වළක්වා ගැනීම යන ක්ෂේත‍්‍ර පිළිබඳව මෙම කෘතියෙන් කරුණු අනාවරණය කර ඇත.

    උපත් පාලනයට පමණක් නොව ලිංගාශ‍්‍රිතව ව්‍යාප්තවන රෝග වළක්වාලීම සම්බන්ධයෙන් දැනට පවත්නා විශ්වාසවන්තම ක‍්‍රමය උපත් පාලන කොපු භාවිතයයි. එමෙන්ම ශ‍්‍රී ලංකාව ද ඇතුළත්ව ලොව පුරා සියළු රටවල්වල අනාරක්ෂිත ලිංගික සබදතා මගින් එචි.අයි.වී වෛරසය ව්‍යාප්තිය වැළෑක්වීමට ඇති වඩාත්ම සාර්ථක ක‍්‍රමය ලෙස ජනප‍්‍රියව ඇත්තේ ද උපත් පාලන කොපු භාවිතයයි.

    ශ‍්‍රී ලංකාවේ කොන්ඩම් භාවිතය පිළිබඳ 2015 වසරේ අධ්‍යයනයක් ආරම්භ කළ අතර, කොණ්ඩම් භාවිතය, ප‍්‍රවේශය, බෙදාහැරීම, දැනුවත් කිරීමේ වැඩසටහන් හා අභියෝග ආදිය එහිදී සළකා බැලිනි. පවතින ප‍්‍රතිපත්ති යටතේ කොන්ඩම් භාවිතාව ප‍්‍රචලිත කිරීම පිළිබඳ පවතින සෘජු සහ වක‍්‍ර කරුණු එහිදී සාකච්ඡා කෙරිනි.

    වර්තමාන කොන්ඩම් භාවිතය ව්‍යාප්ත කිරීමට අපහසු වීමට හේතු වශයෙන් සමාජය විසින් අය අප කිර්තියක් ලෙස සැළකීම, රෝග නිවාරණයට වඩා වෙනත් ක‍්‍රම කෙරෙහි අවධානය යොමු කිරීම, අවම දැනුම හා විවිධ ආකල්ප, කොන්ඩම් භාවිතයෙන් අඩු ලිංගික තෘප්තියක් ලැබෙන බවට ඇති මතය, ප‍්‍රචාරණ ව්‍යාපෘති හා පහසු ප‍්‍රවේශයකට මඟ සැළසීමේ අවශ්‍යතාවයක් පැවතීම යන කරුණු මෙම අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත.

    ශ‍්‍රී ලංකාවේ පළමු එචි.අයි.වී ආසාදිත රෝගියා වාර්තා වී ඇත්තේ 1987 වර්ෂයේ දීය. 1987 සිට 2015 වසර වන විට මෙරට එචි.අයි.වී ආසාදිතයින් 2241 ක් හා එචි.අයි.වී රෝගීන් 557 ක් වාර්තා වී තිබේ.

    වයස අවුරුදු 15-49 ත් අතර එචි.අයි.වී ව්‍යාප්තිය 2014 වසර වන විට 0.1% කි. වැඩිම අගයක් වාර්තා වන්නේ වයස අවුරුදු 25-49 ත් වයස් කාණ්ඩයේ ය. එය 75% කි. වයස අවුරුදු 15 අඩු පිරිස් අතර ව්‍යාප්තිය 3% කි. 

    2000 වර්ෂයෙන් පසු රුධිරය ලබාදීම මගින් එචි.අයි.වී වෛරසය ආසාදනය වීම් කිසිවක් වාර්තා වී නොමැත. ඖෂධ එන්නත් කිරීම සම්බන්ධයෙන් දත්ත දක්වන්නේ 1% කි. 2014 වර්ෂයේ දත්ත සැළකීමේ දී කාර්තුවකට ආසාදිතයින් වාර්තාවීම ඊට වසර 06 කට පෙර තත්ත්වය මෙන් දෙගුණයකි.

    ලිංගාශ‍්‍රීත රෝග හේතුවෙන් වඳභාවයට පත්වන කාන්තාවන් සැළකීමේ දී, සිය සහකරු උපත් පාලන කොපු භාවිතා කරන කාන්තාවන්ට එසේ නොවන කාන්තාවන්ට සාපේක්ෂව ඇති අවදානම සියයට 30 කින් අවමය.

    පවුල් සෞඛ්‍ය කාර්යාංශය යටතේ දීප ව්‍යාප්තව පවත්වනු ලබන පවුල් සැළසුම් සායන 1800 ක් මගින් මේ පිළීබඳව දැනුවත් කිරීම් ද සිදු කෙරේ. 
    එචි.අයි.වී ව්‍යාප්තිය අවම මට්ටමක පවත්වා ගැනීමට ශ‍්‍රී ලංකාව සමත්ව සිටී. එය සමස්ත ජනගහනයෙන් 1% ට අඩු අගයක් ගනී.

    මෙම කෘති දෙක ජාතික ලිංගාශී‍්‍රත හා ඒඩිස් රෝග නිවාරණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා විසින් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා වෙත පිළිගන්වන ලදි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා, විශේෂඥ වෛද්‍ය ජානකී විද්‍යාපතිරණ මහත්මිය, වෛද්‍ය බුද්ධික සේනානායක යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya