ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    නෝර්වේ විදේශ කටයුතු අමාත්‍ය බෝර්ජ් ‍බ්‍රෙන්ඩේ දිවයිනට පැමිණෙයි

    ජනවාරි 07, 2016

     

    විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර මහතාගේ ඇරයුමෙන් නෝර්වේ විදේශ කටයුතු අමාත්‍ය බෝර්ජ් ‍බ්‍රෙන්ඩේ මහතා අද( 07 )එක් දින නිල සංචාරයක නිරත විමට ශ්‍රී ලංකාවට පැමිණෙයි.

     

    අමාත්‍ය බෝර්ජ් ‍බ්‍රෙන්ඩේ මහතා ජනවාරි 07 වන දින උදේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අමාත්‍ය සමරවීර මැතිතුමා සමඟ ද්විපාර්ශික සාකච්ජා පවත්වන අතර ඉන් පසුව පෙ.ව 11.40 ට අමාත්‍යවරුන් දෙදෙනා මාධ්‍ය අමතනු ඇත.

     

    අමාත්‍ය බෝර්ජ් ‍බ්‍රෙන්ඩේ මහතා ජනවාරි 07 වන දින සවස් කාලයේ දි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, විපක්ෂ නායක ආර්ග සම්බන්දන් මැතිතුමා, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය, බැහැ දැකිමට නියමිතය.


    ප.ව 5.30ට අමාත්‍ය.බෝර්ජ් බ්‍රැන්ඩේ මහතා ලංකා වානිජ මණ්ඩලය මගින් සංවිධානය කරන ලද ව්‍යාපාර සංසදයකට සහාභාගීවනු ඇත.

    මෙම සංචාරයේදී ආර්ථික හා සංවර්ධන සහයෝගිතාව කෙරෙහිත් ද්වීපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කොට වැඩිදියුණු කිරීම කෙරෙහිත් විශේෂයෙන් අවධානය යොමු කිරීමට අපේක්ෂා කෙරේ.


    නෝර්වේ විදේශ කටයුතු අමාත්‍යවරයෙක් අවසානවරට ශ්‍රි ලංකාවේ සංචරයක නිරත වුයේ 2005 වර්ෂයේදී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya