පානදුර ශ‍්‍රී සුමංගල පිරිමි විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද සුව පියස ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය විසින් ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ලේ සෞඛ්‍ය සායන පැවැත්වීම සඳහා අවශ්‍ය උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙහිදී පරිත්‍යාග කරන ලදි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, නූතන වෛද්‍ය විද්‍යාවේ කිසිඳු පුද්ගලයෙකුගේ වයස අංක ගණිතයෙන් මනින්නේ නැත. නියම වයස සොයාගත හැකි උපකරණ නිර්මාණය කොට තිබේ. කිසියම් රාජ්‍ය සේවකයෙකු අවුරුදු 60 න් විශ‍්‍රාම යැවීමේ තීරණයට මම විරුද්ධයි. එය රැකියා වියුක්තියට පිළියමක් පමණි.
අවුරුදු 85 දීත් සිය අධ්‍යාපන ඥානය බෙදා දුන් මහාචාර්යවරු කේන්බි‍්‍රජ් සරසවියේ සිටිනවා. වයස යනකොට තමයි සිය දැනුම බෙදා දෙන්න පුළුවන්. හැබැයි අපි රාජ්‍ය සේවයේ හොඳම වයසේ දී රාජ්‍ය සේවකයින් ගෙදර යවනු ලැබේ යයි මෙහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසීය.
මෙවර අයවැයෙන් වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ සෞඛ්‍ය, අධ්‍යාපන සහ ආරක්ෂාවටයි. එම මුදල්වලින් අපේ රටේ රෝහල් පද්ධතිය යාවත්කාලීන කරන අතර සෑම පාසලකම සෞඛ්‍ය සායන අළුත්වැඩියා කර උපකරණ ලබාදීමට කටයුතු යොදා ඇත.
මෙම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පති එල්. ඩබ්ලිව්. සෝමතිලක මහතා, ආචාර්ය මණ්ඩලය ඇතුළු පාසල් සිසු දරු දැරියන් විශාල පිරිසක් එක්ව සිටියහ.
AP