ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    "පාසල් දරුවන් කවර හෝ ක‍්‍රීඩාවක නිරතවීම අනිවාර්ය කිරීමට පියවර ගන්නවා” - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

    ජනවාරි 27, 2016
    ශ‍්‍රී ලංකාව තුළ ශීඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතින බෝ නොවන රෝග පිළිබඳ තත්වයන් පාලනය කර, නිරෝගී දරු පරපුරක් ගොඩනැගීමේ අරමුණින් ජනවාරි 25-30 දක්වා නම් කර ඇත්තේ  ක‍්‍රීඩා හා ශරීර සුවතා ප‍්‍රවර්ධන ජාතික සතිය ලෙසයි. 
    ඒ අනුව සංවිධානය කර ඇති  වැඩසටහන් යටතේ, 26 දා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා මහාමාර්ග, යෞවන හා වනිතා කටයුතු, ක‍්‍රීඩා හා ශරීර සුවතා ප‍්‍රවර්ධන දිනය ලෙස නම් කර තිබිණි.
     
    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ මූලිකත්වයෙන් සහ ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ දී මෙම ප‍්‍රවර්ධන වැඩසටහන ආරම්භ කෙරිණ.
     
    කොළඹ මහානාම විද්‍යාලයේ පැවති ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා ද අධ්‍යාපන අමාත්‍යතුමන් සහ ක‍්‍රීඩා අමාත්‍යතුමන් එක්විය. 
    පාසල් දරුවන් අතර ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවත්නා දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි බෝ නොවන රෝගවලින් දරුවන් ආරක්ෂා කරගැනීම සහ අහිතකර ආහාර රටාවන්ගෙන් ඔවුන් මුදාගැනීමේ අරමුණින් මෙම වැඩසටහන දියත් කර අැත. 
     
    මීට සමගාමීව දසදහසකට ආසන්න, දිවයිනේ සියලූ ම පළාත් සහ ජාතික පාසල්වල ද  ශරීර සුවතා වැඩසටහන සක‍්‍රීය කිරීම සිදුවිය. 
     
    මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, පාසල් දරුවන් කවර හෝ ක‍්‍රීඩාවක නිරතවීම අනිවාර්ය කරමින්, දරුවන්ගේ කායික හා මානසික සෞඛ්‍ය නඟාසිටුවීමට තම අමාත්‍යාංශය හරහා පියවර ගන්නා බව ද පැවසීය 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya