ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    බස්නාහිර නගර සංවර්ධන සැලැස්ම එළි දැක්වීම 29දා

    ජනවාරි 27, 2016
    2016 වසරේ රජයේ ප්‍රධානතම සංවර්ධන වැඩසටහනක් වශයෙන් ක්‍රියාත්මක කරන බස්නාහිර නගර සංවර්ධන ව්‍යාපෘති සැලැස්ම ජනවාරි  29 වැනිදා නිදහස් චතුරස්‍රයේ දී ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වීමට නියමිත බව මහා නගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කරන ලදි.
     
    මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ උපදෙස් පරිදි මෙරට ඉතිහාසයේ නාගරික සංවර්ධන ක්ෂේත්‍රයේ යම් යම් අත්දැකීම් හා වර්තමානය, අනාගතය යන කරුණු පාදක කොටගෙනයි මෙම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සැලැස්ම සකස් කොට තිබෙන්නේ. එම සැලැස්ම අනුව ප්‍රධාන වශයෙන් කොළඹ නගරයේ පවතින මාර්ග තදබදයට ඍජු ලෙස බලපාන යම් යම් ආයතන කොළඹින් බැහැර ප්‍රදේශයන්ට රැගෙනයාමට සිදු වෙනවා.
     
    කොළඹ මාළු වෙළඳපොළ මේ වන විට පෑලියගොඩ ප්‍රදේශයට රැගෙන ගොස් තිබෙනවා. මැනිං වෙළඳපොළත් පෑලියගොඩ ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට නියමිතයි. ඒ වෙනුවෙන් ලබන 30 වැනිදා මුල්ගල තබා මෙම දැවැන්ත බස්නාහිර සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරනවා, යයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
    තවද, පුද්ගලයන්ගේ අකමැත්ත මත, බලහත්කාර නියෝග යොදවා මෙම සංවර්ධන ක්‍රියාවලිය කිසිදු ආකාරයකින් ක්‍රියාත්මක නොකරන බවත්, පුද්ගලයන්ගේ ප්‍රශ්නවලට විසදුම් ලබා දී, ඔවුන්ගේ සහභාගීත්වය ද සමඟ මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදි.
    මෙම අවස්ථාවට ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ද සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya