ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මහ සයුරේ අනතුරට ලක් වන්නන් බේරා ගැනීමේ ප්‍රථම යාත්‍රාව දියත් කරයි.

    ජනවාරි 28, 2016
    මෙරට මුහුදේ අනතුරට ලක් වන්නන් මුදවා ගැනීමේ ප්‍රථම යාත්‍රාව දියත් කිරීම පසුගියදා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් දික්ඕවිට දී  සිදු විය.
    වසර 10 ක් තිස්සේ අන්තර් ජාතික ජීවිතාරක්ෂක යාත්‍රා සංගමය විසින් ගත් උත්සාහයක ප්‍රථිපලයක් ලෙස  මෙම යාත්‍රාව ශ්‍රී ලංකාවට හිමි විය. විසි දෙනෙකුට ගමන් කළ හැකි මෙම යාත්‍රාව මුහුදේ ඇතිවන ඕනෑම තත්වයකට මුහුණ දිය හැකි පහසුකම් වලින් සමන්විතය. 
     
    මෙම අවස්ථාවට පණිවිඩයක් එවමින්  දිලිප් වෙදආරච්චි අමාත්‍යවරයා අවධාරණය කළේ මෙවැනි යාත්‍රාවක අවශ්‍යතාව දැඩිව පැවති බවය.  
     
    මහ සයුරේදී අනතුරට පත්වන ධිවර ජනතාව බේරා ගැනීමේ වැඩපිළිවෙල සඳහා රජයෙන් ලබා දිය යුතු සියලු සහය ලබා දීමට කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි. 
     
    අමාත්‍යවරයා පෙන්වා  දුන්නේ  ඒ සඳහා වන යෝජනා තමන් වෙත ලැබීමෙන් පසු ඒවා සියල්ල රජයට ඉදිරිපත් කර අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට ක්‍රියාකරන බවය.
     
    පෞද්ගලික අංශය ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය සඳහා රාජ්‍ය අනුග්‍රහය හිමි විය යුතු බවත් ඒ සඳහා උපරිමයෙන් කටයුතු කරන බවත් දිලිප් වෙදආරච්චි අමාත්‍යතුමා නිකුත් කළ පණිවිඩයෙන් පෙන්වා දී තිබුණි.
     
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya