කොරියානු අන්තර් ජාතික සහයෝගිතා ආයතනය (KOICA) විසින් ලබාදෙනු ලබන ඇමරිකානු ඩොලර් මිලියන 3.2 කට සමාන මූල්‍ය ප්‍රදානයන් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිඉත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.
නූතන අපරාධ පරීක්ෂණවේදයේ ප්‍රධානතම මූලාශ්‍ර දෙක ලෙස සැලකෙන විද්‍යුත් අංකිත සාක්ෂි (Digital Evidence) සහ DNA විශ්ලේෂණ, බොහෝ අපරාධ සිද්ධීන් විමර්ෂනය කිරීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
ඒ අනුව මෙරට තුළ විද්‍යුත් අංකිත සාක්ෂි ලබාගැනීමේ සහ DNA විශ්ලේෂණ සිදු කිරීමේ හැකියාව පුළුල් කිරීම මෙම රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා ව්‍යාපෘතිය මඟින් සිදු වේ.