ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    පොළොන්නරුව කිලිනොච්චිය හා රත්නපුරයට නව ගබඩා සංකීර්ණ තුනක්

    ජනවාරි 28, 2016

    විශාල අස්වැන්නක් ලැබෙන කාල වලදී එම අස්වනු ගබඩා කීරීම සඳහා උසස් ප්‍රමිතීන්ට අනුකූල ගබඩා පහසුකම් සැලසීම පිණිස රජය විසින් පොළොන්නරුව, කිලිනොච්චිය හා රත්නපුර දිස්ත්‍රික්කයන් හි ගබඩා සංකීර්ණ තුනක් ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 1000ක මුදලක් වෙන් කොට තිබේ.



    මෙම ගබඩා සංකීර්ණ කඩිනමින් නිමකිරීම සඳහා එහි උපදේශක කොන්ත්‍රාත්තුව, ඉංජිනේරුමය කාර්යයන් සඳහා වන මධ්‍යම උපදේශක කාර්යංශය (CECB) වෙත පදානය කිරීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි විය.

    මෙම ගබඩා සංකීර්ණ වී. බඩඉරිඟු, තල, ගම්මිරිස් හා උඳු වැනි ධාන්‍ය වර්ග ගබඩා කිරීමට යොදා ගැනීමට අපේක්ෂිත අතර කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඵලදායීතාවය ඉහළ නැංවීම සඳහාත්, මෙම ව්‍යාපෘතිය රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහාත් 2016 අයවැය මඟින් ලබාගත් මූලික පියවරකි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya