ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ලෝක තෙල් මිල අඩුවීමේ වාසිය ශ්‍රී ලංකාවට ලබා දීමට උපරිමයෙන් ක්‍රියා කරනවා.- ශ්‍රී ලංකාවේ නව ඉරාන තානාපති

    ජනවාරි 30, 2016
    ශ්‍රී ලංකාව හා ඉරානය අතර ආර්ථික හා වෙළඳ සම්භන්ධතා ඉහළ නැංවීමටත් විශේෂයෙන්ම ලෝක වෙළඳපලේ තෙල් මිල අඩුවීමේ වාසිය ශ්‍රී ලංකාවට ලබා දීමට තමා උපරිමයෙන් ක්‍රියා කරන බවත් ශ්‍රී ලංකාවේ  නව ඉරාන තානාපතිවරයා ලෙස පත්වූ මොහොමඩ් සෙයිරි අමිරානි (Mohammad Zaeri Amirani) මහතා පවසයි.
    තානාපතිවරයා මෙසේ පැවසුවේ පසුගියදා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මුණ ගැසුනු අවස්ථාවේදීය.
     
    පසුගිය කාලයේ ඉරානයට පනවා තිබූ වෙළඳ හා ආර්ථික සම්භාධක නිසා ශ්‍රී ලංකාව සමඟ පැවති ද්වීපාර්ශික වෙළඳාමද සැලකිය යුතු මට්ටමකින් පහත වැටුනු බවත් ඉතා ඉක්මනින් නැවත දෙරට අතර ද්වීපාර්ශීය වෙළඳාම පෙර පැවති තත්වයටත් වඩා වැඩිදියුණු වන බවට තමා විශ්වාස කරන බවත් සෙයිරි අමිරානි මහතා වැඩිදුරටත් පැවසීය. 
     
    එහිදී අදහස් දැක්වූ ඉරාන තානාපතිවරයා, ශ්‍රී ලංකාව ඉරානයේ දීර්ගකාලීන මිතුරෙක්. ඉරානය මුහුණදුන් අසීරු කාලපරිච්ඡේදවලදී පවා ශ්‍රී ලංකාව තම මිත්‍රත්වය වෙනස් කර නොගෙන ඉරානය සමඟ දිගටම සම්බන්ධතා පැවැත්වූවා. ඒ වෙනුවෙන් ඉරාන ජනතාවගේ ස්තූතිය ශ්‍රී ලංකාවට හිමිවනවා. ශ්‍රී ලංකාව හා ඉරානය අතර පැවති ද්වීපාර්ශික වෙළඳාමේ වටිනාකම 2011 දී ඇ.ඩො. බිලියන 1.6 ක්, නමුත් අවාසනාවට 2014 දී පැවති තත්වය මත එය ඇ.ඩො. මිලියන 188 ක් දක්වා අඩු උනා. දැන් එම තත්වය ක්‍රමයෙන් මඟ හැරෙමින් පවතිනවා. නැවතත් ඉතා ඉක්මනින් ඉරානය හා ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශික වෙළදාම පෙරටත් වඩා දියුණු මට්ටමකට ගෙන ඒමට දෙරටම උපරිම කැපකිරීම හා උත්සාහය ගනු ඇතැයි පැවසීය.
     
    මෙම අවස්ථාවේදී රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා අදහස් දක්වමින් දෙරට අතර ද්වී පාර්ශික සම්බන්ධතා වැඩි දියුණු කර ගැනීමට සුදුසුම කාලය පැමිණ ඇති බවත් ඉරාන ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ දොරටු සෑම විටම විවෘත බවත් විශේෂයෙන්ම ඖෂධ නිෂ්පාදකයන්ට ශ්‍රී ලංකාවේ මහගු ආයෝජන අවස්ථා රැසක් ඇති බවත් පැවසීය.
     
    ඉරානය ශ්‍රී ලංකාවේ ප්‍රධානම තේ ගැනුම්කරුවා වන අතර ඉරානයට සිදුකරන මුඵ අපනයන වලින් 89% ක් තේ වලට හිමිවේ. මීට අමතරව පොල්, කජු, ඇඟලුම්,කාඩ්බෝඩ් පෙට්ටි ඉරානයට සිදුකරන අපනයන අතරින් විශේෂ වේ. ශ්‍රී ලංකාව ඉරානයෙන් සිදුකරන ආනයන අතර බොරතෙල් ප්‍රධාන වන අතර එය වසරකට බැරල් 50,000 ක අගයක් ගනී. මීට අමතරව ඹෟෂධ, වෛද්‍ය උපකරණ, යන්ත්‍ර සූත්‍ර,පොහොර ශ්‍රී ලංකාව ඉරානයෙන් ආනයනය කරයි.
     
    AP
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya