ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    විභාග ක්‍රමයෙහි ඇතිකළ යුතු සංශෝධන නව අධ්‍යාපන පනතට එක් කරනවා- අධ්‍යාපන අමාත්‍ය

    පෙබරවාරි 01, 2016

    දරුවන් සහ දෙමව්පියන් මානසික පීඩාවට ලක්කරන ශිෂ්‍යත්වය වැනි විභාග දිගටම ක්‍රියාත්මක කරනවාද යන්න පිළිබඳව සමාජ කතිකාවක් පවතින බවත් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සම්බන්ධයෙන් දවෙනස්කම් සිදුවිය යුතු බවට සමජයේ විවිධ මත පවතින බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අමත්‍යවරයා මේ අඳහස් දැක්වූයේ,ශ්‍රී ලංකා විභග දෙපාර්තමේන්තු පරිශ්‍රයෙහි අභිනවයෙන් ඉදිකළ ශ්‍රවණාගාරය විවෘතකිරීම නිමිත්තෙන් පැවැති උත්සවය අමතමිනි.

     

    මේ සම්බන්ධයෙන් පුළුල්ව කරුණු අධ්‍යයනය කොට ක්ෂේත්‍රයේ ප්‍රවිණයින්ගේ සහ බුද්ධිමතුන්ගේ අඳහස් ද සැලකිල්ලට ගනිමින් ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ විභාග ක්‍රමය සකස් විය යුතු ආකාරය පිළිබඳතීරණ හා ක්‍රියාමාර්ග අලුතින් ඉදිරිපත් කිරීමට නියමිත නව අධ්‍යාපන පනතට ඇතුළත් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.

     

    එමෙන් ම විභාග දෙපාර්තමේන්තුව සඳහා ඩිජිටල් සහ නවීන මුද්‍රණක්‍රම හඳුන්වාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.ක්ෂේත්‍රය තුළ තීන්දු තීරණ ගැනීමේ දී විනිවිධභාවයෙන් හා නිවැරදිව කටයුතු කිරීමේ වැදගත්කම ද අමාත්‍යවරයා අවධරණය කළේ ය.


    පසුගිය සමයෙහි ඇතැම් විභාගවලදී යම් යම් දෝෂසහගත අවස්ථාවන් හේතුවෙන් විභාගවල විශ්වසනීයත්වය බිඳවැටුණු අවස්ථා පැවැති මුත්,මෑත වකවානු තුළ එවැනි තත්ත්වයන් මතුනොවීමට වගබලාගැනීම මෙන්ම විභාගවල විශ්වසනීයත්වය සහ ගෞරවය ආරක්ෂාකිරීම සම්බන්ධයෙන් වත්මන් විභාග කොමසාරිස්වරයා වෙත අමත්‍යවරය විසින් ස්තූතිය පළකර සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya