ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    තහනම් කළ කිසිදු ධීවර පන්න ක්‍රමයක් නැවත ක්‍රියාත්මක කිරීමට ඉඩ නෑ- ධීවර අමාත්‍ය

    පෙබරවාරි 01, 2016

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් තහනම් කරන ලද,තහනම් ධීවර පන්න ක්‍රම නැවත ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා නොදෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

     

    කිසියම් පිරිසකගේ උසිගැන්වීමක් මත දිවයිනේ ප්‍රදේශ කීපයක ධීවර කටයුතු අඩාළ කර උද්ඝෝෂණ පැවැත්වීමට තිබූ සූදානමක් පිළිබඳව කරුණු පැහැදිළි කිරීමට පැවැති මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව පැවසී ය.

     

    කිසියම් පිරිසක් මෙම තීන්දුවදේශපාලනීකරණය කිරීමටත්, ඇතැම් දේශපාලඥයින් ධීවර ප්‍රජාවට වැරදි තොරතුරු ලබා දෙමින් ඔවුන් නොමඟ යැවීමටත් උත්සහ කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    ධීවර කර්මාන්තයට දැඩි ලෙස හානි කරන තහනම් පන්න ක්‍රම,තහනමට ලක් කළේ, තමන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් පත් වූ පසුව බව කී අමාත්‍යවරයා,කිසිදු නීතිවිරෝධී පන්න ක්‍රමයකට අවසර නොදෙන බවද අවධාරණය කළේ ය.

     

    ධීවර ප්‍රජාව සම්බන්ධයෙ තීන්දු තීරණ ගන්නේ ජාතික ජලජ සම්පත් සංවර්ධන හා පර්යේෂණ ආයතනයේ උපදෙස් මත විනා දේශපාලනික තීන්දු මත නොවන බව කී අමාත්‍යවරයා, ඒ අනුවජාතික ජලජ සම්පත් සංවර්ධන හා පර්යේෂණ ආයතනය විසින් ලබා දෙන උපදෙස් මත ජලජීවීන්ට හානිවන පන්න ක්‍රම තහනම් කිරීමට පියවර ගත් බව පැවසී ය.

     

    එසේම අමාත්‍යවරයා වශයෙන් තමන් ධීවර ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ සම්පත් භාවිතයේ දී උපරිම අරපිරිමැස්මෙන් කටයුතු කරනවා විනා, පුද්ගලයින් හෝ පුද්ගල කණ්ඩායම් දෙස බලා සම්පත් ලබාදීම හෝ වැළැක්වීම තමන් සිදු නොකරන බවද පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya