ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කුමන විෂයකින් සමාජගත වුවත් ක්‍රීඩාව ශරීර සෞඛ්‍යයට ඉතා වැදගත්- අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

    පෙබරවාරි 02, 2016
    කුමන විෂයකින් සමාජගත වූ පුද්ගලයකුට වුවත් ක්‍රීඩාව ශරීර සෞඛ්‍යයට ඉතා වැදගත් යැයි විදුලිබල හා පුනර්ජනනීය 
    බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
    පසුගියදා “ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන විශේෂ දිනය” වෙනුවෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රීඩා ගාරයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. 
     
    ක්‍රීඩාව මිනිසාගේ ශරීර සෞඛ්‍ය ආරක්ෂා කරගන්න ඉතාමත් වැදගත් සාධකයක්. අද සමාජයේ වැඩි පිරිසක් බෝ නොවන රෝගවලින් පෙළෙනවා. එයට ප්‍ර‍ධානම හේතුව වෙලා තියෙන්නේ ව්‍යායාමවල නොයෙදීම. ශරීර සෞඛ්‍යයට ක්‍රීඩාව 
    පුරුද්දක් කරගැනීම ඉතා වැදගත්. ඒ මගින් නිරෝගිමත්, ප්‍රීතිමත් ක්‍රීඩාශීලී පරපුරක් ගොඩනැගීමට හැකියාව ලැබෙනවා. ඒ 
    වගේම රටට ප්‍රදේශයට කීර්තිය ගෙන එන්න ක්‍රීඩාව විශාල සාධකයක් වෙනවා. වැදගත්ම දේ තමයි මේ මගින් ජය පරාජය 
    විද දරාගන්න ක්‍රීඩාවෙන් ලොකු පිටිවහලක් ලැබීම. ඒ නිසා මම සියලු දෙනාට ආරාධනා කරනවා ක්‍රීඩකයෙක් වෙන්න 
    කියලා, යැයි එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසීය.
     
    ක්‍රීඩාව පිළිබදව සමාජය දැනුවත් කිරීමේ අරමුණින් පා ගමනක් අමාත්‍යතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් මෙදින පැවැත් වූ අතර 
    මෙම අවස්ථාවට සබරගමුව පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ ප්‍ර‍ධාන සංවිධායක හර්ෂ සියඹලාපිටිය මහතා ඇතුළු දේශපාලන 
    අධිකාරිය හා ප්‍රදේශවාසී විශාල පිරිසක් සහභාගී වූහ.
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya