ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    සීකා වෛරසයට මුහුණදීමට කටුනායක ගුවන්තොටුපල සූදානම්- වෛද්‍ය පාලිත මහීපාල

    පෙබරවාරි 02, 2016

    සීකා වෛරසය රට තුළට ඒම වැළැක්වීම සඳහා කටුනායක ගුවන්තොටුපල සූදානම් කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    වෛද්‍ය පාලිත මහීපාල මහතා මේබව ප්‍රකාශ කළේ, අද (2) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි.

     

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සීකා රෝගය සම්බන්ධයෙන් ජාත්‍යන්තර හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන බවත් ඒ නිසා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ද ඊට සූදානම් කර තිබෙන බවත්  වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.

     

    මේ රෝගී තත්ත්වයන් පිළිබඳව එම්.ආර්.අයි.වාර්තා සිකුරාදා සිට ලබගත හැකි බවද කී පාලිත මහීපාල මහතා,ඩෙංගු තරම් අවදානම් තත්ත්වයේ රෝගයක් නොවූවත්,ගැබිණි මාතාවන්ට මෙම රෝගය වැළදීමෙන් උපදින දරුවන්ගේ හිස්කබල වර්ධනයේ අඩුවීමේ රෝගයට ගොඳුරු වීමේ හැකියාව පවතින බව පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya