ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    සදාචාර සම්පන්න දේශයක් ගොඩනැගුවෙමු

    පෙබරවාරි 04, 2016

    සදාචාර සම්පන්න දේශයක් ලෙස අප රට ඔසවා තබමින් සමස්ත ජනතාව එක්සත් කරමින් 68 වැනි නිදහස් දිනය සමරන්නට ලැබීම අප ලද ජයග්‍රහණයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිදහස් දින පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

    අගමැතිවරයා නිකුත් කළ සම්පූර්ණ නිදහස් දින පණිවුඩය පහත සඳහන් පරිදි වේ.


    "නිදහස් දින පණිවුඩය

    සදාචාරසම්පන්න දේශයක් ලෙස අප රට ඔසවා තබමින් “එකම දැයක් - මහ බලයක්” තුළ සමස්ත ජනතාව එක්සත් කරමින් 68 වැනි නිදහස් දිනය සමරන්නට ලැබීම අප ලද
    ජයග්‍රහණයකි.

     

    යටත්විජිත භාවයෙන් රට මුදාගන්නට සියලු ජන කොටස් ඒකරාශී කර පෙරමුණ ගත්තා සේම, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්, හිමිකම් මර්දනය කරමින්, ජාත්‍යන්තරය තුළ රට අපකීර්තියට පත්වෙමින් පැවති අඳුරු වකවානුවක ඒකාධිපතිවාදයෙන්, පවුල්වාදයෙන් රට මුදාගැනීමට අපි පෙරමුණ ගෙන කටයුතු කළෙමු. පසුගිය වසරේ ජනවාරි 08 වැනි දා ලැබූ ජයග්‍රහණය එහි විශිෂ්ඨතම ප්‍රතිඵලයකි.

     

    ඒ දිනාගත් නිදහස වඩාත් තිරසර, අර්ථ සම්පන්න නිදහසක් බවට පත් කරගැනීමේ වගකීම දැන් අප සැම සතු ය. ඒ සඳහා ජාති, ආගම්, පක්ෂ පාට භේදයකින් තොරව සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කිරීම වත්මන් රජයේ අපේක්ෂාවයි.



    ජාත්‍යන්තරය ඉදිරියේ මානව හිමිකම් සුරකින, නිදහස්, ගෞරවනීය රටක් ලෙස අපි නැවතත් අපගේ අන්‍යන්‍යතාව තහවුරු කරගනිමින් සිටිමු. නීතිය, සාමය හා සංහිඳියාව සුරකිමින්, දියුණු සමාජ ආර්ථික පරිසරයක් රට තුළ ගොඩනැංවීමේ භාරදූර කර්ත්‍යය ද අප ඉදිරියේ ඇත.

     

    මේ සමස්ත ක්‍රියාදාමය තුළ තම භුමිකාව මැනවින් අවබෝධ කරගනිමින් දේශයේ දියුණුව උදෙසා සැබෑ පුරවැසියන් සේ කැපවීමට මෙම නිදහස් දිනයේ දී විශේෂයෙන් අදිටන් කරගනිමු.


    රනිල් වික්‍රමසිංහ
    අග්‍රාමාත්‍ය"

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya