ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ජාතික නිදහස් දිනය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

    පෙබරවාරි 03, 2016
    ගාලු මුවදොර පිටිය පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත 68 වන ජාතික නිදහස් උළෙල හා එහි පෙරහුරු කටයුතු සඳහා අද හා 
    හෙට මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
    පෙබරවාරී 03,
     
    * පෙරවරු 05.00 සිට දහවල් 12.00 දක්වා
    01. ගාලු පාර, ගාලු මුවදොර වටරවුමේ සිට පරණ පාර්ලිමේන්තු වටරවුම දක්වා
    02. චෛත්‍ය පාර
     
    * පෙරවරු 07.00 සිට දහවල් 12.00 දක්වා
    03. කොල්ලුපිටිය හංදියෙන් ගාලු මුවදොර වටරවුම දෙසට - (මගී ප‍්‍රවාහන බස් රථ හා පදිංචිකරුවන්ට ඉඩ ලබා දේ)
    04. කොල්ලුපිටිය ශාන්ත මයිකල් වටරවුමෙන් ගාලු පාර දෙසට (පදිංචිකරුවන්ට පමණක් ඉඩ ලබා දේ)
    05. රොටුන්ඩා වටරවුමෙන් ගාලු පාර දෙසට (පදිංචිකරුවන්ට පමණක් ඉඩ ලබාදේ)
    06. සෙරමික් හංදියෙන් (ලෝටස් පාර) පරණ පාර්ලිමේන්තුව දෙසට (කාර්යාල වාහන සදහා පමණක් ඉඩ ලබා දේ)
     
    * පෙරවරු 09.00 සිට දහවල් 12.00 දක්වා
    07. යෝර්ක් වීදියෙන් බැංකු මාවත දෙසට (කාර්යාල වාහන සදහා පමණක් ඉඩ ලබා දේ)
    08. ගාමිණි වටරවුමෙන් ඩි. ආර්. විජේවර්ධන මාවත දෙසට
     
    * පෙරවරු 08.15 සිට දහවල් 12.00 දක්වා
    09. ජනාධිපති මාවත - බැංකු මාවත හංදියේ සිට පරණ පාර්ලිමේන්තු හංදිය දක්වා (කාර්යාල වාහන සදහා පමණක් ඉඩ 
    ලබා දේ)
     
     
    පෙබරවාරී 04,
     
    * පෙරවරු 05.00 සිට දහවල් 12.00 දක්වා
    01. ගාලූ පාර, ගාලූ මුවදොර වටරවුම සිට පරණ පාර්ලිමේන්තු වටරවුම අතර මාර්ගය රථවාහන සීමා කෙරේ.
    02. චෛත්‍ය පාර
     
    * පෙරවරු 07.00 සිට දහවල් 12.00 දක්වා
    03. කොල්ලූපිටිය හංදියෙන් ගාලූ මුවදොර වටරවුම දෙසට (පදිංචිකරුවන්ට පමණක් ඉඩ ලබා දේ)
    04. කොල්ලූපිටිය ශාන්ත මයිකල් වටරවුමෙන් ගාලූ පාර දෙසට (පදිංචිකරුවන්ට පමණක් ඉඩ ලබා දේ)
    05. රොටුන්ඩා වටරවුමෙන් ගාලූ පාර දෙසට (පදිංචිකරුවන්ට පමණක් ඉඩ ලබාදේ)
    06. සෙරමික් හංදිය (ලෝටස් පාර) පරණ පාර්ලිමේන්තුව දෙසට (කාර්යාල වාහන සදහා පමණක් ඉඩ ලබාදේ)
    07. යොර්ක් වීදියෙන් බැංකු මාවත දෙසට (කාර්යාල වාහන සදහා පමණක් ඉඩ ලබාදේ)
    08. සී නෝර් හංදියෙන් (කොටුව දුම්රියපළ ඉදිරිපිටින්) කොටුව C.T.O දෙසට (කාර්යාල වාහන සදහා පමණක් ඉඩ 
     
    ලබාදේ)
    09. Y.M.B.A හංදියෙන් ලේඩි බැස්ටියන් මාවත සහ බාරොන් ජයතිලක මාවත දෙසට (කාර්යාල වාහන සදහා පමණක් ඉඩ 
     
    ලබාදේ)
     
    * පෙරවරු 08.00 සිට දහවල් 12.00 දක්වා
    10. ගාමිණි වටරවුමෙන් ඩි. ආර්. විජේවර්ධන මාවත දෙසට
    11. කොම්පක්‍ද්ක්‍ද්වීදිය පොලිසිය වටරවුමෙන් රීගල් හංදිය දෙසට (කාර්යාල වාහන සදහා පමණක් ඉඩ ලබා දේ)
     
    මෙදින ගාලූ පාර, ගෝල්ෆේස් හරහා කොළඹ දෙසට ගමන් කරන බස් රථ සහ සැහැල්ලූ වාහන පෙරවරු 09.00 සිට නිදහස් 
    උත්සවය අවසන් වන තුරු ගාලු පාර ඔස්සේ බගතලේ පාර, ආර්. ඒ. ද මෙල් මාවත, බෞද්ධාලෝක මාවත, තුම්මුල්ල 
    වටරවුම, තර්ස්ටන් පාර, ජේ. ඕ. සී හංදිය, ග්ලාස් හවුස් හංදිය, නන්දා මෝටර්ස්, නෙලූම් පොකුණ වටරවුම, සොයිසා 
    වටරවුම, ඩීන්ස් පාර, ටෙක්නිකල් හංදිය, පෙරවරු 09.00 සිට කොල්ලූපිටිය හංදියෙන්, පිත්තල හංදිය හරහා කොම්පඤ්ඤ 
    වීදිය හරහා ගමන් කළ යුතු වේ.
     
    ඕල්කට් මාවත, ටෙක්නිකල් හංදිය, මරදාන පාලම හංදිය, ටි. බි. ජයාමාවත, ඉබ්බන්වල හංදිය, යුනියන් පෙදෙස, ලිප්ටන් 
    වටරවුම, ධර්මපාල මාවත, එෆ්. ආර්. සේනානායක මාවත, කන්නංගර මාවත, නන්දා මෝටර්ස් හංදිය, නිදහස් වටරවුම, රීඩ් 
    මාවත, තුම්මුල්ල වටරවුම, බෞද්ධාලෝක මාවත, ආර්.ඒ. ද මෙල් මාවත ඔස්සේ ගාලු පාරට පිවිසිය හැක.
     
    ගාලු පාර ඔස්සේ කොළඹ නගරයට ඇතුළුවීමට පැමිණෙන බර වාහන ඩබ්ලිව්. ඒ. සිල්වා මාවත, ඔස්සේ පරණ හැව්ලොක් 
    පාර, මායා වටරවුම, හැව්ලොක් පාර, තිඹිරිගස් යාය පාර, බේස්ලයින් පාර ඔස්සේ කොළඹට ඇතුළු විය හැක.
     
    ගාලු පාර ඔස්සේ කොළඹින් පිටවන බර වාහන ඉහත මාර්ගයේම ගමන් කර ගාලු පාර ඔස්සේ කොළඹින් පිටවිය හැකි බව 
    පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya