ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ක්ෂුද්‍රජීවී ජෛව පොහොර පිළිබඳ විශේෂ වැඩමුළුව

    පෙබරවාරි 18, 2016
    ''රසායනික කෘෂිකර්මාන්තයෙන් පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයට පිවිසීම සඳහා ක්ෂුද්‍රජීවී ජෛව පොහොරවල දායකත්වය'' යන මැයෙන් එක්දින වැඩමුළුවක් මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ කොළඹ කාර්යාලයේදී අද පැවැත්වේ. 
    ශ්‍රී ලංකාව රසායනික පොහොර භාවිතය නිසා විවිධ පාරිසරික උවදුරුවලට මෙන්ම හඳුනා නොගත් වකුගඩු රෝගය වැනි සෞඛ්‍යමය ගැටළුවලට මුහුණ දී ඇති අවධියක ඉන් අත්මිදීම සඳහා මෙම දැනුවත් කිරීමේ වැඩ මුළුව පැවැත්වේ.
     
    මෙහිදී රසායනික පොහොර භාවිතයෙන් මිදීම සඳහා විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ වසර ගණනාවක් පුරා සිදුකළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස ලොව ප්‍රථම වරට නිපදවූ ක්ෂද්‍රජීවී ජෛව පොහොර වර්ග දෙක පිළිබඳව මහජනතාව සහ රජයේ නිලධාරීන් දැනුවත් කිරීමත්, එම පොහොර වර්ග මහජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය ප්‍රචාරණ සහය ලබාගැනීමත් මෙම වැඩ මුළුව තුලින් අපේක්ෂා කෙරේ.
     
    මෙම වැඩමුළුව සඳහා රාජ්‍ය ආයතනවල නිලධාරීන් සහ කෘෂිකර්ම, පශු සම්පත් සහ වැවිලි කර්මාන්ත යන ක්ෂේත්‍රවල නිලධාරීන් සහභාගීවීමට නියමිතය.
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya