ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරි මාස 10 දී නව සතොස ශාඛා 190 ක් අරඹනවා -ඇමති රිෂාඩ් බදියුදීන්

    පෙබරවාරි 18, 2016

    ඉදිරි මාස 10 දී සතොස ශාඛා 190 ක් අලුතින් ආරම්භ කර මෙම වසර අවසන් වන විට සතොස ශාඛා ජාලය 500 ක් දක්වා වැඩිකරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

     

    අමාත්‍යවරයා  මෙසේ පැවසුවේ ඊයේ ( 17 දා) මන්නාරම පේසාලේ ප්‍රදේශයේ අලුතින් ඉදිකල 310 වන ලංකා සතොස ශාඛාව ජනතා අයිතියට පත්කරමිනි.

    මෙහිදී රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා  පැවසුවේ, මේ වන විට සතොස ශාඛා ජාලය කඩිනමින් ව්‍යාප්ත කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවත් මෙම  සතොස ශාඛා සියල්ලම පරිඝණක ගතකිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින  බවත් ය. වඩාත් කාර්යක්ෂම සේවාවක් පාරිභෝගිකයන්ට ලබා දීම තම අමාත්‍යාංශයේ අපේක්ෂාව වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    පේසාලේ නව සතොස ජනතා අයිතියට පත්කිරීමේ මෙම අවස්ථාවට සතොස සභාපති ආචාර්ය රොහාන්ත අතුකෝරල, වන්නි පළාත් සභා මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන්, අමාත්‍යංශ නිලධාරීන්  ඇතුඵ විශාල පිරිසක් සහභාගි වූහ.

    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya