ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    පුලතිසි ගොවි උදාන පුහුණු වැඩමුළුව

    පෙබරවාරි 19, 2016
     
    මේ රටේ ගොවි තැන සාර්ථක වීමට නම් ගොවියා නවීන තාක්ෂණයට අනුව වැඩ කිරීමට හුරු විය යුතු බව වාරි මාර්ග රාජ්ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අවධාරණය කළේය. 
    අමාත්‍ය වරයා පවසා සිටියේ තරුණ ගොවි මහතුන් ඒ සදහා යොමු කිරීමට ආණ්ඩුව ඒ සදහා වැඩ පිළිවෙලක් සකස් කොට ඇති බවයි. 
     
    වාරි කෘෂි කර්මය නගා සිටුවීම සදහා තරුණ  සහබගිත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව සංවිධානය කරන ලද පුලතිසි ගොවි උදාන පුහුණු වැඩමුළුවේ සහතික පත් ප්‍රධානය කිරීමේ අවස්ථාවට  එක්වෙමින්  සේනානායක මහතා මේ බව කියා සිටියේය.  
      
    මිරිගම බාල දක්ෂ පුහුණු කදවුරේදී මෙය පැවති අතර මෙම අවස්ථාවට වාරිමාර්ග කළමනා කරන අංශයේ අධ්‍යක්ෂක චන්දිකා වී ඇතුගල ,අමාත්‍ය ලේකම් ආනන්ද ජයසිංහ  යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.  
     
     AP/DMU-Polonnaruwa
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya