ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    අලුතින් ලාදුරු රෝගීන් 2000ක්

    පෙබරවාරි 21, 2016

    වසර 2010 සිට 2015 කාලය තුළ අලුතින් ලාදුරු රෝගීන් 2000ක් පමණ සාමාන්‍යයෙන් හඳුනාගැනීමට හැකි වී තිබෙන බව  ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය එම්.එල්.එස්.එන්.ප්‍රනාන්දු මහත්මිය පවසයි.

    වසර 201 දී රෝගීන් 213899ක් ලෝකයේ රටවල් 121කින් වාර්තා වී තිබේ. වසර 2014 දී අලුත් රෝගීන් අතරින් ආබාධ සහිතව සියයට 6.6%ක් ලෝකයෙන් වාර්තා වී තිබෙන අතර ශ්‍රී ලංකාවේ තත්ත්වය සියයට 6.8%කි.වයස අවුරුදු 15ට අඩු ළමුන්ගේ ප්‍රතිශතය සියයට 9.9%කි.කාන්තාවන් රෝගය සඳහා ගොඳුරු වී ඇති ප්‍රතිශතය සියයට 39කි.

     

    නේපාලයේ සහ ඉන්දියාවේ ලාදුරු රෝගීන්ගේ ව්‍යාපුතිය වැඩි වීමක් දක්නට ලැබේ.ආබාධ සහිතව රෝගීන් වාර්තාවීම අතින් ශ්‍රී ලංකාව සිටින්නේ තෙවැනි ස්ථානයේ ය.

     

    වසර 2015 රෝගී ප්‍රතිශතය අනුව ආබාධ සහිත වූවන් 153ක් ද වයස අවුරුදු 15 අඩු ආබාධ සහිත වූවන් 182ක් ලෙස වාර්තා වී තිබේ. ආබාධ සහිතව වාර්තා වීමට ප්‍රදාන හේතුව රෝගීන් පමාවී ප්‍රතිකාර සඳහා පැමිණීම බව  වෛද්‍ය එම්.එල්.එස්.එන්.ප්‍රනාන්දු මහත්මිය පවසයි.


    මේ පිළිබඳව තිබෙන බිය ප්‍රධාන හේතුවක් වී ඇති බවත් එය තුරන් කළ යුතු බවත් එසේ බිය වීමට හේතුවක් නොමැති ප්‍රතිකාර මඟින් සම්පූර්ණයෙන් සුවකළ හැකි රෝගයක් ලෙස ලාදුරු රෝගය හැදින්විය හැකි බවත් වෛද්‍ය එම්.එල්.එස්.එන්.ප්‍රනාන්දු මහත්මිය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya