ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ධනවත් සමාජයක් ලෙස ගොඩනැඟිමට අපනයන ඉහළ නැංවිය යුතුයි-අමාත්‍ය හර්ෂ ද සිල්වා

    පෙබරවාරි 20, 2016
    ශ්‍රී ලංකාව ධනවත් සමාජයක් ලෙස ගොඩ නැඟීමට නම් භාණ්ඩ හා සේවා අපනයනය ඉහළ නංවා ගතයුතු බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
     
    වසර 10කට පමණ පෙර මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 35% ක් අපනයනය කර ඇත . නමුත් පසුගිය වකවානුව තුළ එය 14.5% දක්වා අඩු වී ඇති අතර මෙරට ජාත්‍යන්තර අපනයන වෙළඳාම කඩා වැටී ඇත. එනම් අප නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා වලින් අපනයනය කරනුයේ 14.5% ක් පමණයි. 
     
    එනිසා පසුගිය වකවානුව තුළ භාණ්ඩ හා සේවාවන් වලට වඩා කාන්තා ශ්‍රමය අපනයනය කිරීමට යොමු වී තිබුණී. නමුත් මේ ඔස්සේ ධනවත් සමාජයක් ගොඩනැඟීමට නොහැකියි. ඒ සඳහා භාණ්ඩ හා සේවා අපනයනය ඉහළ නංවා ගත යුතු යැයි අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
     
    වර්තමාන රජය ජාත්‍යන්තර ගිවිසුම් හරහා භාණ්ඩ හා සේවාවන් අපනයනය ඉහළ නැංවීමට උත්සාහ ගැනීමේ දී බොහෝ පිරිස් එයට විරුද්ධව ක්‍රියා කරති. නමුත් සත්‍ය වශයෙන්ම අපි උත්සාහ කළ යුත්තේ භාණ්ඩ හා සේවා වෙළදාමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමටයි. එසේ නොමැති නම් ශ්‍රී ලංකාවට අනාගතයක් නොමැති බවද අමාත්‍යවරයා පැවසීය.
     
    ඉදිරියේ එළැඹෙන්නේ ආසියාවේ ශතවර්ෂයයි. බටහිර රටවල්වල ආර්ථික ශක්තිය පහව යන විට ආසියානු රටවල ආර්ථික ශක්තිය ඉහළ යයි. ඉන්දියාව, චීනය, වියට්නාමය, මැලේසියාව හා සිංගප්පපූරුව යන රටවල් සමඟ එක් වී ශ්‍රී ලංකාව ආසියානු සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්විය යුතුයි. වෙළඳ ගිවිසුම් අත්සන් කිරීම එහි එක් පියවරකි.
     
    ඒ අනුව ඉදිරියේ දී රටවල් 12ක් සමඟ වෙළඳ ගිවිසුමකට එක් වීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya