ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    නවම් මහා පෙරහැරට අදත් විශේෂ රථවාහන සැලැස්මක්

    පෙබරවාරි 22, 2016

    ෙගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර වෙනුවෙන් අද (22) දිනයේද වශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    ඒ අනුව පෙරහැර පෙළ ගැසෙන මාර්ගයේ පස්වරු 4.00 සිට වාහන ගමනාගමන සීමා කිරීම සිදු වේ.

    හුණුපිරිය වැව පාර මාර්ගයෙන් ආරම්භ වී ඩබ්ලිව්.ඒ.ඩී. රාමනායක මාවත පාර්ක් වීදිය, ධර්මපාල මාවත ඔස්සේ රතු කුරුස හන්දිය දක්වා මාර්ගයේ පදික වේදිකාව මත පෙරහැර පෙළ ගැසේ.

    එසේම පස්වරු 7.00 සිට පසුදින අලුයම 1.00 දක්වා ද වාහන ගමනාගමනය  සීමා කිරීම සිදු වේ.

    පෙරහැර මග

    එම කාලය තුළ ජිනරත්න මාවත, හුණුපිටිය වැව පාර, හන්දියෙන් පෙරහැර ආර්මභ වී ජිනරතන මාවත ඔස්සේ ගංගාරම විහාරස්ථානය ඉදිරිපිටින් ගමන් කර , පාර්ක් වීදිය ,එම්පයර් වටරවුමෙන් වම් පසින් ආපසු හැරී, ජිනරතන මාවත ඔස්සේ විරුද්ධ දිශාවෙන් ජිනරතන මාවත ජේමිස් පීරිස් මාවත හන්දියට ගමන් කර වමට හැරී ජේමිස් පීරිස් මාවත, රාමනායක මාවත හංදිය නැවත ආපසු හැරී ජේමිස් පීරිස් මාවත පෙරහැර මාවතින් වමට හැරී පෙරහැර මාවත ඔස්සේ රොටුන්ඩා හන්දියෙට ගමන් කර බන් දකුණට හැරී උත්තරානන්ද මාවතින් නවම් මාවත හන්දියට ගමන් කර ඉන් දකුණට හැරී නවම් මාවත ඔස්සේ ගමන් කරමින් ජේමිස් පීරිස් මාවත නවම් මාවත හන්දියෙන් දකුණට හැරී ජේමිස් පීරිස් මාවත, ජිරතන මාවත හන්දියට ගමන් කර වමට හැරී ගංගාරාම විහාරස්ථානය ඉදිරිපිටින් අවසන් කෙරේ.

    මෙහිදී රථවාහන ගාල් කිරීමට ද ස්ථාන නම් කර තිබේ.

    1.ධර්මපාල මාවත පාර්කි වීදිය සිට ලිප්ටන් දෙසට සහ පාර්ක් පාර සිට රතු කුරුස හන්දිය දක්වා මාර්ගයේ විහාරමහා දේවි උද්‍යානය දෙස
    2.වොක්ෂෝල් වීදිය
    3. යුනියන් පෙදෙස කොම්පඤ්ඤවීදිය හන්දිය සිට මාර්ගය දකුණ පස
    4. බේබෘෘක් පෙදෙස එම්ෆයර් වටරවුම මිට හයිඩ් පාර්ක් කෝනර් AMW දක්වා
    5. ස්ටෙපල් වීදිය යුනියන් පෙදෙස සිට මුත්තයියා පාර පැරණි බන්ධන හල තිබූ ස්ථානය දක්වා
    6. උත්තරානන්ද මාවත මාකන් මාකර් මාවත හන්දිය සිට නවම් මාවත හන්දිය දක්වා
    7. එෆ්. ආර්. සේනානායක මාවත දෙසට
    8. මල්පාර ජේ. ඕ. සී. හන්දිය දෙසට
    9. පුස්තකාල වටරවුම සිට මාකස් ප්‍ර‍නාන්දු මාවත නන්දා මෝටර්ස් හන්දිය දක්වා
    10.පුස්තකාල වටරවුම සිට ආනන්ද කුමාරස්වාමි මාවත හොර්ටන් වටරවුම දක්වා
    11. මුත්තයියා පිටිය (VVIP)

    එසේම පස්වරු 4.00 සිට පසුදින අලුයම දක්වා 1.00 දක්වා පෙරහැර ආරම්භ වීමට පෙර වාහන ගමනාගමනය සීමා කරන ස්ථාන පහත සඳහන් පරිදි වේ.

    1.ඩබ්ලිව්.ඩී.ඒ. රාමනායක මාවත ජේමිස් පීරිස් මාවත හන්දිය
    2. ඩබ්ලිව්.ඩී.ඒ. රාමනායක මාවත පාර්ක් වීදිය හන්දිය
    3. ඩබ්ලිව්.ඩී.ඒ. රාමනායක මාවත හුණුපිටිය ලේක් ක්‍ර‍සන්ට් හන්දිය
    4.ජිනරතන මාවත පාර්ක් වීදිය
    5. ජිනරතන මාවත හුණුපිටිය වැව පාර හන්දිය
    6. 1.ඩබ්ලිව්.ඩී.ඒ. රාමනායක මාවත හුණුපිටිය හරස් පාර හන්දිය අසල
    7. ධර්මපාල මාවත හුණුපිටිය හරස් පාර හන්දිය

    තවද රථවාමන ගමනා ගමනය සීමා කරන ස්ථාන පස්වරු 7.00 සිට අලුයම් 1.00 දක්වා පහත සඳහන් පරිදි වේ.


    1.කොම්පඤ්ඤවීදිය හන්දිය
    2.ජේස්මි පීරිස් මාවත නවම් මාවත හන්දිය
    3. පිත්තල හන්දිය
    4. මුත්තයියා පාර ස්ටෙපල් වීදිය හන්දිය
    5. බේබෘෘක් පෙදෙස ඩෝසන් වීදිය හන්දිය
    6. පාර්ක් වීදිය හයිඩ් පාර්ක් කෝනර් හන්දිය
    7. .ඩබ්ලිව්.ඩී.ඒ. රාමනායක මාවත හුණුපිටිය හරස් පාර් හන්දිය
    8. අල්විල් පෙදෙස බොයිඩ් පෙදෙස හන්දිය.9. හඩ්සන් පාර් නෙල්සන් පාර හන්දිය
    10. විතානගේ මාවත වෑකන්ද පාර හන්දිය
    11. උත්තරානන්ද මාවත නවම් මාවත හන්දිය
    12. ක්‍රෙස් කැට් පාර ක්‍රේස් කැට් හෝටලය අසල
    13. ගාලු පාර රොටුන්ඩා හන්දිය

    අවශ්‍ය වූ විට පමණක් වාහන  ගමනා ගමනය සීමා කිරීමේ  ස්ථානය

    1. යුනියන් පෙදෙස ධර්මදා සිල්වා මාවත හන්දිය
    2. යුන්යන් පෙදෙස ඩෝසන් වීදිය හන්දිය
    3. ධර්මපාල මාවත පාර්ක් වීදිය හන්දිය
    4. ධර්මපාල මාවත හුණුපිටිය හරස් පාර හන්දිය
    5. ධර්මාපලා මාවත අල්විල් පෙදෙස හන්දිය
    6. උත්තරානන්ද මාවත මාකන් මාකර් මාවත හන්දිය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya