ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    අභියෝග ජයගන්න ක්‍රීඩාව වැදගත්

    පෙබරවාරි 22, 2016

    ජීවිතයේ අභියෝගවලට මුහුණ දීම කි‍්‍රඩාව ඉතාමත් වැදගත් බව විදේශ රැකියා අමාත්‍ය අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

    රත්නපුර සීවලී කි‍්‍රඩාංගනයේදී පැවති, රත්නපුර සුමනා බාලිකා විද්‍යාලයේ නිවාසාන්තර කි‍්‍රඩා උළෙලට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළ අතර දරුවන් ක්‍රීඩාවට යොමු කිරීම දෙමාපියන්ගේ වගකීමක් බවද සඳහන් කළේය.

    මෙම රජය යටතේ කි‍්‍රඩාවට මුල්තැනක් දීලා කටයුතු කරපු ආකාරය පහුගිය කාලයේ කි‍්‍රඩා සතියක් ප‍්‍රකාශ කිරීමෙන්ම දක්නට ලැබුණු බවත්  ක්‍රීඩාව තුළින් දරුවන්ගේ ශාරීරික, මානසික සුවය ඇති කිරීම සිදු වන බවත් ඇය පෙන්වා දුන්නාය.

    සමහර දෙමාපියන් දරුවන්ට 5 වසර වෙනකම් සෙල්ලම් කරන්න දීලා 5 ශිෂ්‍යත්වය ළංවෙනකොට දරුවන්ට සෙල්ලම් කරන්න අවස්ථාව දෙන්නේ නෑ. 5 ශිෂ්‍යත්වය ලියනවා නම් දරුවන්ට අධ්‍යාපනය වගේම මානසික නිදහසත් අවශ්‍යයි. එය කි‍්‍රඩාවෙන් ලැබෙනවා. එය තේරුම් අරගෙන දරුවන්ට අධ්‍යාපනය වගේම කි‍්‍රඩාවටත් වැඩි ඉඩක් ලබාදිය යුතු බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ති‍්‍ර ඒ.ඒ.විජේතුංග, පාර්ලිමේන්තු මන්ති‍්‍ර ජානක වක්කුඹුර, සබරගමු පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂක සේපාල කුරුප්පුආරච්චි යන මහත්වරුන් හා රත්නපුර සුමනා බාලිනා විද්‍යාලයේ විදුහල්පතිනි ඩී.ආර්.එන්.කේ.ගමගේ මහත්මිය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya