ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ආර්ථිකය ශක්තිමත් කිරීමට ආයෝජන අවස්ථා වැඩි කළ යුතුයි

    පෙබරවාරි 23, 2016

    රැකියා ලක්ෂ 10ක් ඇති කිරීම, ජනතාවගේ ආර්ථිකය ඉහළ නැංවීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය බවත් ඒ සඳහා විදේශ ආයෝජන අවස්ථා ලබා ගත යුතු බවත් අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (23) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

     

    ශ්‍රි ලංකා ජර්මානු මිත්‍රත්වය නැවත ඇති වීම සම්බන්ධයෙන් ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් මහත්මියගේ ප්‍රසංශාවට ලක් වූ අතර ඇය ශ්‍රී ලංකාවට අවශ්‍ය දේ පිළිබඳ කළ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙරට ආර්ථිකය ගොඩනැගීම සඳහා උදව් ඉල්ලා සිටි බව ද ඒ මහතා සඳහන් කළේය.

     

    ශ්‍රී ලංකාවට ලබා දෙන ණය අනුපාතිකය වැඩි කර ගැනීමට අවශ්‍ය බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවත් එහිදී අඩු පොලියක් යටතේ ණය ලබා ගැනීමට අවස්ථාව ලැබීම ශ්‍රී ලංකා ආර්ථිකයට ශක්තියක් වන බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

     

    රසායනික තාක්ෂණික ක්‍රම ලබාදීම පිළිබඳ අවධානය යොමු වූ බවත් වකුගඩු රෝගය වැළැක්වීමට අවශ්‍ය සහය ලබාදීමට කටයුතු කරන බව ජර්මානු රජය පොරොන්දු වූ බවත් ඒ මහතා පැවසීය.

     

    එසේම ජර්මානු ආධාර යටතේ කිලිනොච්චියේ ඉදි වන තාක්ෂණික ආයතනය මෙන් තවත් තාක්ෂණික ආයතන 2ක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර දෙන ලෙස ද ඉල්ලා සිටි බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙරට සංචාරක සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කර තිබෙන බව වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya