ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ලොව ප්‍රථම ජෛව පටල ජෛව පොහොර සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම රයිසෝබියා ආමුකූලකය නිපදවයි

    පෙබරවාරි 24, 2016
    ජාතික මූලික අධ්‍යයන ආයතනය විසින් වසර ගණනාවක් පුරා සිදුකළ විද්‍යාගාර සහ ක්ෂේත්‍ර පර්යේෂණ මඟින් ලොව ප්‍රථම ජෛව පටල ජෛව පොහොර සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම රයිසෝබියා ආමුකූලකය නිපදවීමට සමත්ව තිබේ. 
    ශ්‍රී ලංකාව රසායනික පොහොර භාවිතය නිසා විවිධ පාරිසරික උවදුරුවලට මෙන්ම හඳුනා නොගත් වකුගඩු රෝගය වැනි සෞඛ්‍යමය ගැටළුවලට මුහුණ දී ඇති අවධියක ඉන් අත්මිදීමත්, අවිධිමත් ලෙස රසායනික පොහොර භාවිතය නිසා ඇතිවී තිඛෙන විවිධ පාරිසරික උවදුරුවලට මෙන්ම හඳුනා නොගත් වකුගඩු රෝගය වැනි සමාජ ව්‍යසනයන්ගෙන් රට මුදවා ගැනීම සඳහා වැදගත් විද්‍යාත්මක පර්යේෂණ රැසක්  ජාතික මූලික අධ්‍යයන ආයතනය විසින් සිදු කරනු ලබයි.
     
    මේ පිළිබඳව දැනුවත් කරමින් ''රසායනික කෘෂිකර්මාන්තයෙන් පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයට පිවිසීම සඳහා ක්ෂද්‍රජීවී ජෛව පොහොරවල දායකත්වය'' යන මැයෙන් මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතන විසින් සංවිධානය කරන ලද එක්දින වැඩමුළුව පසුගියදා ජාතික මූලික අධ්‍යයන ආයතන කොළඹ කාර්යාලයේදී සාර්ථකව පැවැත්විණ. 
     
    මෙහිදී අදහස් දැක්වූ ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂණ මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න මහතා සඳහන් කර සිටියේ හරිත විප්ලවය සමඟ ඇරඹි රසායනික පොහොර භාවිතය නම් වූ ඓතිහාසික වරද නිවැරදි කිරීමට මෙම ජෛව පටල ජෛව පොහොර සමත් වී ඇති බවයි. දැනට තේ, වී, බඩඉරිඟු සහ පොල් වගාව සඳහා නිපදවා ඇති ජෛව පටල ජෛව පොහොර මඟින් රසායනික පොහොර භාවිතය 50% ක් පමණ අඩුකළ හැකි බවත්, අස්වැන්න 40% ක් දක්වා වැඩිකර ගැනීමෙන් ගොවියාට ඉහළ ලාභයක් ලබාගත හැකි බවත් පෙන්වාදෙන සෙනෙවිරත්න මහතා තවද මෙම ජෛව පටල ජෛව පොහොර භාවිතය මඟින් ස්වාභාවික වල් සහ පළිබෝධකයින් මර්ධනය වන හෙයින් කෘෂි රසායනික භාවිතය අවම කරගත හැකි බවද වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
     
    ශ්‍රී ලංකාවේ ප්‍රථම රයිසෝබියා ආමුකූලකය පිළිබඳව දැනුවත් කරමින් ජාතික මූලික අධ්‍යයන ආයතනයේ බාහිර පර්යේෂණ මහාචාර්ය එස්.ඒ. කුලසූරිය මහතා පෙන්වා දුන්නේ රනිල කුලයේ ශාඛ සඳහා නිෂ්පාදිත රයිසෝබියා ආමුකූලකය මඟින් ශාඛවල මූල ගැටිති වර්ධනය කිරීමෙන් එම ශාඛ මඟින් වායුගෝලීය නයිට්‍රජන් තිරකිරීම වැඩි කරන බවයි. එමඟින් රනිල භෝග සඳහා යූරියා පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම නවතා දැමිය හැකි බවත්, රයිසෝබියා ආමුකූලක යෙදීමෙන් යූරියා පොහොර යෙදීමෙන් ලැඛෙන අස්වැන්නට වඩා වැඩි අස්වැන්නක් ලැඛෙන බවත්ය. මෙමඟින් අප රටට විශාල විදේශ විනිමයක් ඉතිරිවන බව පෙන්වා දෙන කුලසූරිය මහතා මෙවැනි ජෛව පොහොර ගොවියන් අතර ප්‍රචලිත කිරීම රජයේ වගකීම සහ යුතුකම බව ද වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    මෙම පරිසර හිතකාමී දේශීය ක්ෂද්‍රජීවී ජෛව පොහොර ගොවියන් අතට පත්කිරීම සඳහා රජයේ මැදිහත්වීම ලබාගැනීමේ අරමුණින් පැවති මෙම වැඩමුළුවට පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රමුඛ මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය එස්.එච්.පී. පරාක්‍රම කරුණාරත්න, පර්යේෂණ මාහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න, බාහිර පර්යේෂණ මහාචාර්ය එස්. ඒ. කුලසූරිය යන මහත්වරු ඇතුළු කෘෂිකර්ම, පශු සම්පත් සහ වැවිලි කර්මාන්ත යන ක්ෂේත්‍රවල නිලධාරීන් සහ රාජ්‍ය ආයතන රැසක නිලධාරීහු එක්ව සිටියහ.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya