ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ජාත්‍යන්තර ප්‍රජාන්ත්‍රවාදී සංගමයේ සමුළුවේ ආරම්භක දිනය අද

    පෙබරවාරි 24, 2016

    ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ විධායක කමිටුව හා විදේශ පිළිබඳ ස්ථාවර කමිටුව ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ සභාපති නවසීලන්ත අග්‍රාමාත්‍ය ජොන් කී මහතාගේ ප්‍රධානන්වයෙන් හා ආසියානු ශාන්තිකර ප්‍රජාතන්ත්‍රතවාදී සංගමයේ සභාපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාගිත්වයෙන් අද (24) සිට ලබන 26 වැනි දා දක්වා කොළඹ දී පැවැත් වේ.

    ජාත්‍යන්තර සංගමයේ විධායක කමිටුව ද මෙම සමුළු වාරයේදී රැස්වන අතර ආසියානු ශන්තිකර ප්‍රජාතන්ත්‍රික සංගමයේ රැස්වීමක් ද පැවැත්වීමට නියමිතය.

    විධායක කමිටුව රැස්වන අවස්ථාවේදී විදේශ කටයුතු පිළිබඳ හා මැතිවරණ ව්‍යාපාරයන් පිළිබඳව පුවල් සාකච්ඡාවක් පැවැත්වෙන අතර ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ කලාපීය සංගම් වාර්තා හා විශේෂඥ කණ්ඩායම් වාර්තා ද මෙම සමුළුවට ඉදිපත් කෙරේ.

    එසේම මෙම සමුළුවේදී යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව නැවත ගොඩනංවීම ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමේ උපාය මාර්ග කලාපය තුළ ප්‍රජාතන්ත්‍රික අභියෝගයන් පිළිබඳව හා කලාපීය අරක්ෂක ගැටලු පිළිබඳ දේශන පැවත්වීමට ද නියතමිතය.

    ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රික සංගමයේ නියෝජ්‍ය සභාපතිවරයා වන ටෝනි ක්ලෙමන්ට් මන්ත්‍රීවරයාද මෙම සමුළුව ඇමතීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya